අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමේ ලිපි වලට ජනපති අත්සන් තබයි

0
80
c024bcaeb45fd73c27b42f6efac6b1a5_XL
මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩු කටයුතු සදහා හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජය වෙත යොමු කළ යුතු ලිපිලේඛනවලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (06) අත්සන් තැබී ය.

මෙම සියලු ලිපි ලේඛණ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමාගේ පරික්ෂාවට ලක් වූ අතර අනතුරු ව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා විසින් එම ලිපි ලේඛන සහතික කරනු ලැබීය. මෙම ලේඛන විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සිංගප්පූරු රජයේ බලධාරින් වෙත යොමු කිරීමට කටයුතු කරනු ඇත.