අර්ජුන කියන ගම්පහ ලයිස්තුවේ ”කුඩුකාරයෝ” කව්ද ?

0
60

arjuna-www.nethfm.com00001ඉදිරි මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට සැකසූ නාමයෝජනා සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ඇතුළු පිරිසක් තම අභිමතය පරිදි වෙනස් කළ බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා.
සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේ බැහැ දුටු අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේද සහයෝගය ඇතිව තම පාර්ශ්වය ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තුවත්, සුසිල් ප්‍රේම්ජන්ත් මහතාගේ නාම යෝජනා ලැයිස්තුවත් අතර විශාල පරතරයක් පවතින බවයි අර්ජුන රණතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේ.

“චන්ද්‍රිකා මැතිනිය සමඟ එක්වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කළා. ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කළා. සුසිල් ප්‍රේම්ජයන්ත් ලේකම්තුමාලා, ඒ අයට ඕන විදියට සකස් කළා. හොරු ටික දැම්මා. හොරකම් කළ අයගේ බිරින්දෑවරුත් දැම්මා. කුඩුකාරයෝ දැම්මා. ඒ නිසා අපිට ඒ ලැයිස්තුවෙන් තරග කරන්න බැහැ. අගමැතිතුමත් එක්ක කතා කරලා වෙනම කණ්ඩායමක් විදියට එක් වුණා.” යැයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

www.nethfm.com