අර්බුදයක් අතලඟ !මීගමුව රෝහලේ කොරෝනා රෝගීන් 62 ක් !

0
60

මීගමුව රෝහල මේ වන විට දැවැන්ත අර්බුදයක් මුව විටට පැමිණ තිබේ. කොරෝනා වාට්ටුව යනුවෙන් නම් කර ඇති 21 වාට්ටුව තුල නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින රෝගින් 72 කින් 62 දෙනෙකු ආසාදිතයන් ලෙසින් තහවුරු කොට ගෙන තිබේ.
මේ අයගෙන් 8 දෙනෙකු පමණ වාට්ටුව තුල ඉඩක් නැති නිසා ට්‍රොලිවල සිටින බවද සැලය.

රෝහල තුල ආසාදිතයන් ලෙසින් හදුනාගැනිමෙන් ඒ අයව වෙනත් අදාල රෝහල් කරා පිටත් කර යැවුනද දැන් මතුව ඇති අර්බුදය වන්නේ එසේ යැවිමට පවා පවතින රෝහල්වල ඉඩ කඩ නොමැති විමය.
ඒ අනුව මතුවිමට නියමිත අර්බුදය ට මුහුණ දිමට සාමුහික සැලැස්මක් මිගමුව රෝහලට තිබේද යන්න සැක සහිත බව රෝහලේ ඇත්තම තත්වය ඉතාමත් හොදින් දන්නා අයෙකු මිපුරට අද සවස් වරුවේ කියා සිටියේය.

රෝහල මුහුණ දිමට නියමිතව ඇති මේ අර්බුදකාරිත්වය තුල එය නිසි ලෙසින් කළමණාකරණය කරගැනිම දක්ෂතාවයන් හා අත්දැකිම් සහිතව සිටි ඇතැම් වෛද්‍යවරුන් හට පල නොකියා පලා බෙදිමට යම් යම් පිරිස් කටයුතු කිරිම නිසා ඔවුන් දැන් මිගමුව රෝහලෙන් ඉවත් වෙනත් තැන්වලට ගොස් සිටිති.
සහකාර අධ්‍යක්ෂකධුරයක් දැරු වෛද්‍ය ඇන්ටන් මෙවැනි අර්බුදකාරි තත්වයක් මනාව සංයමයෙන් යුතුව කළමණාකරණය කරගැනිමට මෙන්ම සාමුහික වැඩ සංස්කෘතියක් ගොඩ නගා ගැනිමට හැකියාවක් සහිතව සිටි ප්‍රමුඛයෙකි.
එහෙත් ඇතැමුන් ජඩ වැඩ නිසා ඒ සම්පත් දැන් මිගමුව රෝහලට අහිමිව ගොසිනි.
හෙට දිනයට මුහුණ දිමට මිගමුව රෝහලේ නායකත්වය කොයිතරම් නම් සුදානම් දැයි සැබැවින්ම ගැටළු සහගතය