අර්බුද විසදානොගෙන රාජපක්ෂ උද්‍යානය සංවර්ධනය කිරිම නිතිවිරෝධියි.- හිටපු විපක්ෂ නායක රොයිස් විජිත.

0
130

රාජපක්ෂ උද්‍යානයට අදාලව දැනට මතුව ඇති නිතිමය සහ අනෙකුත් ගැටළු විසදා ගන්නා තෙක් එහි කිසිදු සංවර්ධන කටයුත්තකට මීගමුව මහනගර සභාව පියවර නොගන්නට ගෙන තිබු එකඟතාව එරෙහිව යමින් බස්නාහිර සංචාරක අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත නැවත සංවර්ධනය කිරිම ආරම්භ කිරිම නිතිවිරෝධි බව හිටපු විපක්ෂ නායක රොයිස් විජිත මහතා පවසයි.

ඒ මහතා තවදුරටත් පවසා සිටියේ….

කිසිදු මුදල් අයකිරිමක් සදහා රාජපක්ෂ උද්‍යානය යොදා නොගත යුතු බවට වු වගන්තිය සමගින් උද්‍යානය බදු දිම සිදුකළ නොහැකි නිසා ඒ ඔප්පුව අවස්ථාන ගත කරිමින් වෙනත් ඔප්පුවක් සැකසුණි. මේ සියළු සටකපට කම් මැද වුව සියල්ල ටෙන්ඩර් කිරිමේ නොනිත් ආසාවෙන් පසු වු ලංසා පාලනය උද්‍යායනය තින් පාක් එන්ටර්ටෙන්මන්ට වෙත අවුරුදු 30 කට බදු දිමට පියවර ගැනුනි.මේ නිසා මීගමුව මහ නගර සභාවත් මුළු මහත් මිගමු ජනතාවත් අද කිසිදා ගොඩඒමට නොහැකි අර්බුදයක ගිල්වා ඇත.

එපමණක් නොව මින් සිදුව ඇති සිදුවන්නට නියමිත අලාභය නිසි ලෙසින් ගණන් බලන්නේ නම් එය කෝටි 3  ඉක්මවනු ඇත.

විශේෂයෙන්ම පි.ජී. මාටින් ආයතනය විසින් වන්දි ඉල්ලා ඇති නඩුවට අනුව මිලියන 210 ක් ඉල්ලා ඇත.

තතුමෙසේ වෙද්දි මේ අර්බුදය විසදාලිමට නිසි පියවර ගැනිමට පෙර එය සංවර්ධනය කිරිමට ආරම්භ කර තිබිම නිතිවිරෝධියි.