අරාජික රට ලේ විලක් වේවි. එයට ජනපති වගකිව යුතුය

0
143

1FD4B9CF-9829-4D7D-9898-EAD261FB67F3-1687-000001AB659FE3BD

පළමු වෙඩිල්ල ඛනිජ තෙල් සංස්ථාවේදී පත්තු විය. අද රට පත්ව ඇති තත්වයඅනුව නොවැම්බර්16 වීමට පෙර රටම ලේ විලක් වේවි.මිනිස් ජීවිත අහිමි වේවි.එසේ වුවහොත් එයට ජනපති වගකිව යුතුය.
ප්‍රජාතන්ත්‍රවාදී සම්මුතිවාදව තුළ හි ව්‍යවස්ථාව අනුව බල හුවමාරුවෙන ක්‍රමවෙදයන් තබියදී හා ඊට අවශ්‍ය පූර්ණ වධායක බලය තිබියදී මේ කරන්නේ කුමක්ද?
රටම ලේ විලක් වනතුරුද?
ඉතිහිසයේ කිසිම අවස්ථාවක පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවිය යුතු මෙබඳු අවස්ථාවක් තිබී නැත. පුදුමය වන්නේ ඒ වෙනුවට පාර්ලිමේන්තුව රැස්වීම නොවැමබර් 16ට කල්දැමීමයි.
රටට ජනතාවට ආදරේ කරන නායකයෙකු අපේම මිනිස්සු ඇණකොටාගෙන මැරෙන,ගැටුම් අතිවන තැනකට රට ගෙනයන්නේ නැත. මොනතරම් විනාශයක් වුණත් “මගේ බලය රැකෙනවා නම්, මට බලය ලැබෙනවා නම්” කියා කිසිම දේශපාලකයෙක් හිතනවා නම් ඒ මිනිස්කමටත් නිගා දෙන තිරිසනෙකි.
2015 දී ජනපති බලයට ගෙන ඒමට කැපවූ හැට දෙලක්ෂයම එක්වී කළ යුත්තේ මෙම අනතුරින් රටත් ජනතාවත් බේරාගැනීමය.
විජිත මංඩාවල
මිලානෝ