අරිෂ්ටවල ඇල්කොහොල් නැද්ද ?

0
168
Man next to bottles of alcohol

Man next to bottles of alcohol

ආනයනය කරනු ලබන  ඇතැම් ආයුර්වේද ඖෂධ ප්‍රමිතියෙන් තොර බවට ලැබුණු පැමිණිලි මත සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ පිළිබදව සොයා බැලිම සදහා ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරණතුංග මහතාට දැනුම් දී ඇතැයි වාර්ථා වේ.
මේ අනුව ශ්‍රී ලංකා රේගුව ප්‍රමිතිය පරීක්ෂා කළ යුතු අතර, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව ආනයනය කරන ආයුර්වේද ඖෂධ බෙදාහැරීමට ඉඩ ලබා නොදෙන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කොට කර ඇත.

ආයුර්වේද නිෂ්පාදනයක් වන අරිෂ්ට වල ඇල්කොහොල් ප්‍රතිශතය වැඩි බවට තොරතුරු වාර්තා වී තිබිමත් සමගින්  අරිෂ්ට වර්ග වල ඇල්කොහොල් ප්‍රතිශතය ද පරීක්ෂාවට ලක් කිරිමට පියවර ගන්නා  ලෙසද තවදුරටත් සෞඛ්‍ය ඇමතිවරයා දැනුම් දි තිබේ.

ඇල්කොහොල් ප්‍රතිශතය වැඩි අරිෂ්ට නිෂ්පාදනවලට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිතය.