අරුන්දිකගේ ආධාරකරුවරුවකුගේ නිවසට අද අලුයම පහර දිලා ?

0
83

බොරලැස්ස 1අද 19 පාන්දර බොරලැස්ස ප්‍රදේශයේ පිහිටි හිටපු සන්ධාන ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකුගේ නිවසට නාදුනන පිරිසක් පැමිණ අලහාභානි කර මරණ තර්ජනය කර පලාගොස් ඇති බවට එම මන්ත්‍රිවරයා පැමිණිල්ලක් කර ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි මෙසේ නිවසට අලහභානි කර ඇත්තේ වෙන්නප්පුව හිටපු සන්ධාන ප්‍රාදේශිය සභා මන්ත්‍රි රුක්මන් කොළඹගේ මහතාගේ නිවසටය නිවසේ ජනෙල් කඩා දමා නිවස ඉදිරිපිට තිබු යතුරු පැදියට හානිකර නිවසේ ප්‍රධාන දොරටුව කඩා දමා ඇතැයි මේ පිළිබඳව විමසීමේදි හිටපු ප්‍රාදේශිය සභා මන්ත්රිවරයා පැවසීය වැඩි දුරටත් අදහස් දැක්වු රුක්මන් කොළඹගේ මහතා මෙසේ කීය මම ජන්ද ගණන් කරන්න අරුන්දික මන්ත්‍රිතුමත් එක්ක පුත්තලම් ගිහින් ඇවිත් නිදගෙන හිටියේ පාන්දර් දෙකට පමණ පිරිසක් පැමිණ මගේ නම කියලා කැ ගහන සද්දෙට තමා මට අහැරුනේ මට පරුෂ වචනයෙන් බැනලා කිවේ අයේ මට සන්ධානේ ජන්ද කරන්න දෙන්නේ නැ උඹව අද ඉවරයක් කරනවා කියලායි මම පිටි පස්සෙන් එළියට බැහැලා ගිහින් හැන්ඟිලා බලන් හිටියා කරන දේ ඒ අය අතේ තුවක්කු පොලු තිබුණා ඒ වලින් තමා නිවසට පහර දුන්නේ මම කියන්නේ අපි හැමොටම දේශපාලනය කරන්න නිදහසක් තියෙන්න ඔනේ ගෙදර හිටපු මගේ දුව නෝනා තාමත් බයෙන් ඉන්නෙ අපි පොලිසියෙන් ඉල්ලන්නේ සාධාරණ පරික්ෂණයක් කරලා මේ දේශපාලන මැරයන් අත් අඩංගුවට ගන්න කියලයි මේ පිළිබඳව විමසීමේදි වෙන්නප්පුව පොලිසියේ නිළධාරියෙක් ප්‍රකාශ කලේ මෙම පහරදීම දේශපාලන හෝ පුද්ගලික පහරදීමක්ද යන්න සොයා පරික්ෂණ අරම්භ කර ඇති බවයි
චන්දන ප්‍රනාන්දු