අරුන්දික දංකොටුවේ ව්‍යාපාරිකයෙකුට පහරදෙයි

0
134

පසුගිය දිනක පා.මන්ත්‍රී අරැන්දික  ප්‍රනාන්දු  විසින් දංකොටුවේ   ව්‍යපාරිකයෙකුට පහර දීමේ සිද්ධියක් එම ප්‍රදේශයෙන්  වාර්තා වේ.  මෙම සිදුවීමට මුල්වී ඇත්තේ දංකොටුව නගරයේ තිබෙන ප්‍රධාන පාරවල් පුළුල් කර සංවර්ධනය  කිරීමට ඇති සූදානමක් සම්බන්ධයෙන්  පහර කෑ පුද්ගලයා විසින්  ඔහුගේ හිතවතෙකු සමග කරන ලද කතාබහකි. පුළුල් වන මහා මාර්ගය නිසා සිය ව්‍යාපාර ස්ථාන වලට විය හැකි අලාභ සම්බන්ධයෙන් තම හිතවතා සමග මෙම ව්‍යාපාරිකයා විසින් යම් අදහස් ප්‍රකාශ කිරීමක් කර ඇති අතර එහිදී  අරැන්දික මන්ත්‍රීවරයා පිළිබදවද ඔහු සදහන් කර ඇති බවද වාර්තාවේ.  මෙම ප්‍රකාශය   සිය ජංගම දුරකථනයෙන් රෙකෝඩ් කළ  එම හිතවතා අරැන්දික මන්ත්‍රිවරයාට ඇසීමට සලස්වා ඇති බවද වාර්තා වේ. පසුවදී එම ප්‍රදේශය නැරඹීමට පැමිණි අවස්තාවකදී  අරැන්දික මන්ත්‍රීවරයා විසින්  සිය ගෝලයන් සමග පැමිණ  එම ව්‍යාපාරික හිමියාට ප්‍රසිද්ධියේ බැණ වැද පහර දී දුන් බව ප්‍රදේශවාසීන් පවසති.