අලව්වටත් ගුවන් පාලක් අවශ්‍යයයි.

0
78

අලව්ව දුම්රිය ගේට්ටුව අසල තුන්මන් හන්දියේ දිනපතා ඇතිවන වාහන තදබදය හේතුවෙන් එම ස්ථානයට ගුවන් පාලමක් අත්‍යාවශ්‍යය බව ජනතාව පවසති.
අලව්ව නගරයේ මෙම  දුම්රිය ගේට්ටුව දිනකට පැය හයක් පමණ වසා තබන බව කියැවෙන  අතර එවිට කොළඹ කුරුණෑගල නාරම්මල හා ගිරිඋල්ල බලා යන වාහන බොහෝ වේලාවක් නවතා තැබීමට සිදුවීමනේ අධික වාහන තදබදයක් ඇතිවේ. මෙම ස්ථානයට මින් පෙර ගුවන් පාලමක් ඉදිකිරීම සදහා අදාල අංශ මගින් සැලසුම් කර ඇතත් එය මෙතෙක් ක්‍රියාත්මක වී නොමැත්තේ මන්දැයි ජනතාව ප්‍රශ්ණ කරති.

 

ඡායාරූපය –  දිනමින