අල්ලපු ගෙදර උදවිය

0
65

ඉලව්වට මඟුලට
ණය තුරහට, අත මාරුවට
ලෙඩ දුකට හදිසියකට
පිහිටට හිටපු අල්ලපු ගෙදර උදවිය
දැන් දැන් බලන්නේ වපර ඇහෙන් අප දෙස
සැක හා බිය මුසුව
අපටත් කොරෝනා බෝ වෙලාදැයි විපිලිසරව

අපේ ගෙදර උන්දෑ
වැහිබර පාන්දර ජාමෙට,
එකදිගට මහ හයියෙන්
කිවිසුම් අරින විට
පීනස තදවුනු වෙලාවට

ස.බ.වෙල්ගම