අල්ලස් ගත් මීගමු පොලිස් ලොක්කා යළි රිමාන්ඩ් !

0
74

 

( 9.00 am ) පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ පුද්ගලයකුගෙන් ගැටලුව නිරාකරණය කරදීම සඳහා රුපියල් දෙලක්ෂ හැත්තෑ දහසක් වටිනා ඒ සී යන්ත්‍රයක් මිලදී ගැනීමට මුදල් ලබා ගත්තේ යැයි කියන මීගමුව පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් මුණසිංහ සැකකරු ලබන 20 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පසුගිය 6 වෙනිදා නියෝග කළේය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කර සිටියේ මීගමුව දළුපත ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකරුගේ කාර් රථය රෙන්ට් එකට ලබා දී තිබියදී උකස් කිරීම සම්බන්ධයෙන් කළ පැමිණිල්ල නිරාකරණය කර කාර් රථය නැවත ලබාදීම සඳහා සැකකරු විසින් ඒ සී යන්ත්‍රයක් හා ටයර් දෙකක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති බවය.

පසුව ටයර් දෙක ප්‍රතික්ෂේප කර ඇති සැකකරු ඒ සී යන්ත්‍රීය සඳහා මුදල් මීගමුව ඒ සි යන්ත්‍ර විකුණන ආයතනයක කළමනාකරුවකුගේ ගිණුමට බැර කරගෙන ඇති බවද සඳහන් කළේය.

සැකකරු මීගමුව පොලිස් අධිකාරී කාර්යාලයේ කොට්ඨාස අපරාධ විමර්ශනාංශය තුළදී අත්අඩංගුවට ගත් බවත් සඳහන් කළේය.

සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා අධිකරණය කරුණු දක්වමින් කියා සිටියේ සැකකරු අල්ලස් ලබා ගත් බවට කිසිදු සාක්ෂියක් නොමැති බවය.

පුද්ගලික ආයතනයක කළමනාකරුවකුගේ ගිණුමකට මුදල් බැර කර ඇති බවට පැමිණිල්ල කරුණු ඉදිරිපත් කළද සැකකරු විසින් කිසිදු මුදලක් ලබාගෙන නොමැති බව සඳහන් කළේය.සැකකරුට ඇප නියම කරන ලෙසද ඉල්ලා සිටියේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් ඊට ප්‍රතිචාර දක්වමින් සැකකරු සම්බන්ධයෙන් විමර්ශන අවසන් නොමැති බවත් තවත් කීපදෙනෙකුගේ ප්‍රකාශ සටහන් කිරීමට ඇති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඉල්ලා සිටියේය.

දෙපාර්ශවය කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු ලබන 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය

මිගමුව පොලිස් කොට්ටශයේ පොලිස් නිලධාරින් තිදෙනෙකුවම සති දෙකක් කාලයක් තුල අත්අඩංගුවට ගැනිම් විශේෂයෙන්ම සටහන් කළ යුතුව ඇති තත්වයකි.
ඉන් කියැවෙන්නේ බියක් සැකයක් නැතුව නිතියට පිටින් කටයුතු කිරිමට තරම් පරිසරයක් මිගමුව පොලිස් කොට්ටාශය තුල නිර්මාණය වි ඇති බවය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here