අල්ලස් දුෂණ කොමිසමට නව නිළධාරින් ? නිමල් ලංසාට මොකද වෙන්නේ ??

0
56

13asmඅල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට නව සභාපතිවරයෙකු සහ නව කොමසාරිස්වරුන් පත් කිරීමට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා තීරණය කර ඇති බවයට වාර්තා වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් පත් කිරීම ලබන සතියේදී සිදුකරන බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය, විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කර ඇත.

ඔහු කියා සිටියේ 10 දෙනෙකුගෙන් සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සාමාජිකයින් තුන්දෙනාට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සැප්තැම්බර් 22 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයේදී හෝ ඊට පසුව සිදුකරන බවයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව පිහිටුවන ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා වන්නේ කථානායකවරයායි.

ව්‍යස්ථාදායක සභාව බලාත්මක වීමෙන් අනතුරුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් හඳුන්වා දුන් ස්වාධීන කොමිෂන් සභා 10 ක් සඳහා සාමාජිකයින් පත් කිරීම සිදුවේ.

මැතිවරණ, රාජ්‍ය සේවා, පොලිස්, විගණන සේවා, මානව හිමිකම්, අල්ලස් හෝ දූෂණ, මූල්‍ය, සීමා නිර්ණය, ජාතික ප්‍රතිපාදන සහ විශ්වවිද්‍යාල කොමිෂන් සභා ඊට ඇතුළත්ය

මෙහිදි විශේෂයෙන්ම අල්ලස් හා දුෂණ කොමිසමට ගැන බොහෝ  දෙනෙකු අවධානයෙන් සිටින්නේ එහි නිළධාරින් අළුත්විමත් සමගින් පසුගිය රජය සමයේ රු ප්‍රකෝටි ගණනින් මුදල් හම්බකර ඇති දේශපාලකයන් ගැන විමර්ශණ කඩිනම් කිරිමටත් අපක්ෂපාති ලෙසින් ක්‍රියාත්මක විමටත් ඉඩ ලැබෙන බැවිනි.
ඉතා කෙටිකලකදි කෝටි පති ගණයේ දේශපාලකයෙකු බවට පත්වු නිමල් ලංසා ගැන සහ ඔහුගේ සමිපතම ව්‍යාපාරික මිතුරන් පිලිබදව පරික්ෂණ ගැන මීගමුවේ ජනතාව මහත් උනන්දුවකින් පසුවෙතිා.
බොරළු සමන්ත සහ ඇවෙන්ඩ්‍රා ඇතුළු සුපිරි හෝටල් ගණනාවක හිමිකරු වු ධනේශ් නැමැත්තා ගැනද අදාල පරික්ෂණ පැවැත්වෙන ආකාරය ගැන මීගමුවේ ජනතාව බලා සිටින්නේ මහත් උනන්දුවෙනි.
වාර්ථා වන අන්දමට මේ අය ගැන මුලික පරික්ෂණ දැනටමත් ක්‍රියාත්මක කර අවසන්ය.ඒ මේ අයගේ නිවෙස්වලටම පැමිණි අල්ලස් හා දුෂණ කොමිසමේ නිළධාරින් විසිනි.
(ශ්‍රි ලංකා මිරර් ඇසුරිනි )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here