අල්ල ගත්තු මාළු ටික විකුණගන්න බැරිව ලතවෙන ධිවරයෝ…

0
114

පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ බරපතල ආර්ථික අර්බුදයකට මුහුන පා සිටින ධිවර ප්‍රජාව මේ දිනවල තවත් අසරණ ව සිටින්‌නේ තමන් විසින් අල්ලාගනු ලබන මසුන් ටික අලෙවි කරගැනිමට නිසි වැඩපිළිවෙලක් නොතිබිම නිසාය.
මේ හේතුව නිසා හැදල ඇළකන්ද ප්‍රදේශයේ මාළු අලෙවිසැල් මේ දිනවල වසා තැබීම හේතුවෙන් ඒම ප්‍රදේශයේ ධීවරයෝ මාළු අලෙවි කර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවට පත්ව සිටින අයුරු ලංකාදිප වෙබ් අඩවිය විසින් වාර්තා කොට තිබුණි.නිරෝධායන ඇදිරීතිය තව දුරත් දීර්ඝ කිරීම හේතුවෙන් ඔවුහු මෙලෙස දැඩි අපහසුතාවට පත්ව සිටිති. අද දිනයේදී මෙම ධිවරයින් සිය මත්ස්‍ය අස්වැන්න බෝට්ටු මත තබා විකිණිම සිදු කරන අයුරු ඒම පුවතෙන් පළකොට තිබේ.
මිගමුවේ ධිවරයන් පවා මේ දිනවල ඔවුන් විසින් අල්ලා ගනු ලබන මසුන් නිසි පරිදි අලෙවි කරගැනිමට නොහැකි දැඩි අපහසුවකට පත්ව සිටිති.
මීගමුවේ සුලු පන්න ධිවරයන් කියා සිටින්නේ තමන් රැය පහන් කරමින් අල්ලා ගෙන මාළු වලට සාධාරණ මිළක් ලබාදිමට වැඩපිළිවෙලක් සකස් කිරිමට රජය අප‌ොහොසත් බවය.
මසුන් මිළට ගැනිමට පැමිණෙන ගැණුම්කරුවන් නැතිකම නිසා අල්ලාගත් මසුන් වැඩිවශයෙන් කරවල නිෂ්පාදනයට ලබාදිමට සිදුව ඇතැයි ධිවරයෝ පවසා සිටිති.