අල්ෆලා විදුහලේ සිසුවෙක් අතුරැදහන් වී දින 7යි -විදුහලේ ගුරුවරුන් දෙදෙනෙකුට චෝදනා

0
119
මොහොමඩ් රසුල්ගේ මව

සිව් දරු මවක් වන කොච්චිකඬේ, පෝරුතොට, පදිංචි පල්ලිය වත්තේ අයිනුන් පාතිමා තම බාල දරුවා පසුගිය ජනවාරී 19 වැනි බ‍්‍රහස්පතින්දා සිට අතුරුදහන්ව ඇතැයි ප‍්‍රකාශ කරයි. මෙලෙස අතුරුදහන්ව ඇත්තේ මොහොමඞ් රසුල් නැමැති වයස අවුරුදු 11 ක් වන පළගතුරේ අල්-ෆලා විද්‍යාලයේ 06 වන වසරේ ඉගෙනුම ලැබූ දරුවෙකි. පසුගිය ජනවාරී 19 වැනිදා පාසල් ගිය දරුවා එදින රාතී‍්‍ර වනතුරුම නිවසට නොපැමිනි නිසා ඔහු පිලිබදව සොයා බැලූ බවත් එහෙත් දරුවා පිලිබ`දව කිසිදු නිශ්චිත තොරතුරක් වාර්තා නොවු අතර ඒ පිලිබදව කොච්චිකඬේ පොලිසිය වෙත පැමිණිලි කල බවද දරුවාගේ මව අයිනුන් පාතිමා පවසයි. අයිනුත් පාතිමා මහත්මිය තම බාල දරුවාගේ අතුරුදහන්වීම සමිබන්ධයෙන් බරපතල ලෙස චෝදනා කරන්නේ දරුවා ඉගෙනුම ලබන පාසල වූ පළගතුරේ අල්-ෆලා විද්‍යාලයේ ගුරුවරුන් දෙදෙනෙකුට සහ පාසලේ විදුහල්පතිවරයාටයි. ඒ පිලිබදව ඇය මෙසේ පවසයි. ” ඔය නැති වෙලා ඉන්නේ මගේ හතර වැනි දරුවා. ඒ කියන්නේ පවුලේ බාල දරුවා. ගෙදරින් එයාට කිසිම ප‍්‍රශ්නයක් වෙලා තිබුනේ නැහැ. මට ආරංචි වුණ විදිහට එදා දරුවා පාසල් ගියහම පන්තියේ ළමයෙකුගේ බෑග් එකක තිබුණ රු.1000 ක කොලයක් එයා හොරකම් කරලා තියෙනවා කියලා කියනවා. මම දන්නේ නැහැ ඒක ඇත්තක්ද බොරුවක්ද කියලා. එහෙම සල්ලි අරගෙන මගේ දරුවා ඒකෙන් රු.60 ක් වියදම් කරලා මොනවා හරි කාලා තිබුණලූ. ඒක ගිහින් ඒ රු.1000 අයිති ළමයා ගුරුවරයෙකුට කියලා ඒ ගුරුවරයාත් එක්ක තවත් ගුරුවරයෙක් මේ ළමයට ගහලා විදුහල්පති කාමරයට එක්කරගෙන ගිහින් තියෙනවා. එතැනදී ඒ කියන්නේ විදුහල්පති ඉස්සරහ මගේ දැරවාගෙන් ඇහැව්වාලූ රු 1000 ගත්තද කියලා. ළමයා ඒ වෙලාවේ ගත්තේ නැහැයි කීවහම එක ගුරුවරයෙක් කිව්වාලූ උඹේ අත මේ මේසේ ලාච්චුවේ දාන්න කළිං කියනවා ගත්තද නැද්ද කියලා. ඒ වෙලාවේ මගේ දරුවා කිව්වලූ මම ගත්තා ඒකෙන් රු.60 ක මම කැවා මෙන්න ඉතුරු කියලා ඉතුරු සල්ලි දුන්නාලූ. ඊට පස්සේ මගේ දරුවාව මේ ගුරුවරු විනාඩි 10 ක් එලියේ දන ගස්සලා තිබුණාලූ. විනාඩි 10 ක්ද ඊට වැඩි වේලාවක්ද කියලාවත් මට නම් විස්වාශයක් නැහැ. ඉන් පස්සේ දරුවට කිව්වාලූ දැන් ගෙදර ගිහිල්ලා, හෙට එද්දී පාසලට අම්මාව එක්කර ගෙන එන්න කියලා. එහෙම කියලා ඉස්කෝලේ අරින 1.30 වේලාවට කලින්ම ඒ කියන්නේ 12.30 ට විතර ළමයාට ගෙදර යන්න කීවාලූ. ඒත් තවම මාගේ දරුවා ගෙදර ආවේ නැහැ.” මෙම සිදුවීමට ආදාළව ඇය චෝදනා කරන්නේ පාසලේ විදුහල්පතිවරයාට සහ ගුරුවරුන්ට පාසල් වේලාව තුල අතුරුදහන් වී ඇති තම දරුවා පිලිබදව සොයා බැලීමට ඔවුන්ට වගකීමක් ඇති බවයි. එහෙත් එදින රාති‍්‍රයේ දරුවා සොයා ගැනීමට නොහැකිව ඇය විදුහල්පතිවරයා හමුවීමට ගිය විට විදුහල්පතිවරයා ඇයට පවසා ඇත්තේ දරුවාව සොයා බැලීමට තමන්ට කිසිදු වගකීමක් නොමැති බවයි. ඒ පිලිබදව ඇය මෙසේ පවසයි.
‘‘මට විදුහල්පතිවරයා එදා කිව්වා අප්ිට බැ ඔයාගේ ළමයව හොයන්න . ඔයා ගිහින් ඔයගේ ලමයාව හොයා ගන්න කියලා. මාගේ අනිත් වැඩිමල් ළමයි තුන්දෙනාත් මේ පාසලටම තමයි ගියේ. ඒ ළමයින්ටත් හරියට මේ පාසලේ ඉගෙන ගන්න දුන්නේ නැහැ. බෑග් වලට සල්ලි දාලා , හොරු කියලා නම් කරලා ඒ අයට පාසලේ ඉන්න බැරි වෙන විදිහට වැඩ කලා. ඒකෙන් ඒ එක ළමයෙකුටවත් අඩුම තරමින් ඕ-ලෙවල් වත් පාස් කර ගන්න බැරි වුනා. අද මේ වෙද්දී ඒ අය එක්නෙක්වත් පාසල් යන්නේ නැහැ. දැන් මේ වෙද්දී මේ විදුහල්පති කියන්නේ මම මගේ ළමයාව හංගගෙන ඉන්නවාලූ එක එක්කෙනාගෙන් සල්ලි ගන්න. මගේ ලමයාට ගහලා, හිත රිදෙන විදිහට වැඩ කරලා, අද වෙද්දී මාගේ ළමයා අතුරුදහන් වෙලා තියෙනවා. මට වේලාවකට හිතෙනවා මාගේ ළමයාව මේ කට්ටිය හංගගෙන ඉන්නවාද කියලාත්. මම මේ ගැන කොච්චිකඬේ පොලිසියට පැමිණිලි කරන කොට මේ පාසලේ සිදුවීම කිව්වත් ඒ කොටස මේ පොලිස් පැමීනිල්ලේ සටහන් කරලා නැහැ”. ඇය එසේ කොච්චිකඬේ පොලිසියටද චෝදනාවක් එල්ල කරයි.

මේ පිලිබදව පළගතුරේ අල්-ෆලා විදුහලේ විදුහල්පති මොහොමඞ් ජසීම් මහතාගෙන් කල විමසීමේදී ඔහු මෙම අතුරුදහන් වූ දරුවාගේ මව විසින් තමාටත් තම පාසලේ ගුරුවරුන් දෙදෙනෙකුටත් එල්ල කරන චෝදනා සියල්ල ප‍්‍රතික්ෂේප කලේය. එහිදී ඔහු වැඩි දුරටත් පැවැසුවේ මේ මව දරුවා අතුරුදහන් බවට පවසමින් අන් අයගෙන් මුදල් ඉපැයිමේ මාර්ගයක් බවට පත් කර ගෙන ඇති බවයි. ඒ අනුව ඔහු පවසන්නේ පාසලේදී ඒ දරුවාට පහර දීමක් සිදු නොකල බවයි. ඒ අනුව මෙම චෝදනා වගකීමක් නොමැති චෝදනා බවද ඔහු පවසයි. වෘත්තියෙන් ස්වයං රැුකියාවක නිරත තුවාන් වාහිට් සහ අයිනුන් පාතිමා යුවලට දාව 2000 වසරේ මාර්තු මස 16 වැනි දින උපන් මොහොමඞ් රසුල් ට වැඩිමහල් සහෝදරයින් ම තිදෙනෙකි. කෙසේ වුවද මෙලෙස අතුරුදහන්ව ඇති දරුවාගේ මව තම දරුවා සොයා ගැනීමට මහජන සහය පතයි. උස අඩි 3 1/2 ක් පමන වන මෙම දරුවා සිහින් ක`ඵ පැහැති සිරුරක් ඇති , කොන්ඩය කොටට කැපූ අයෙකි. අවසන් වරට දකින විට ඔහු හැ`ද සිටියේ සුදු දිග කලිසමක් සහ සුදු පැහැතිම අත්කොට කමිසයකි. මේ දරුවා හමුවුවහොත් හෝ ඔහු පිලිබ`දව යම් තොරතුරක් දන්නේ නම් ළ`ගම ඇති පොලිසියට හෝ පහත ලිපිනයට හෝ එසේත් නැතිනම් පහත සදහන් දුරකථන අංකයට දැනුම් දෙන්න. ලිපිනය.. අංක 33/05-ඒ , පල්ලිය වත්ත පෝරුතොට කොච්චිකඬේ. දුරකථන අංකය.. 072-4375668

තුෂාර රොහාන්