අලි හිරිහැරයට රිටර්න් එකක් !

0
197

මිට දින කිපයකට ඉහතදි යාල වනෝද්‍යානය තුලද අලියෙකුට සිදුව තිබුන හිරිහැරයක් පිළිබදව සත්ව සංවිධාන සිය විරෝධය පළකර තිබුනේ අදාල පිරිස් වලට එරෙහිව කටයුතු කරන ලෙසද ඉල්ලා සිටිමිනි.

සංවාරකයන්ගේ සතුට ගැන සහ පෙරලා ලැබෙන තුඩු පඩුරු ගැන සිතා ඇතැමුන් වනය තුල නිදහසේ සැරිසරන සතුන්ට පවා හිරහැර සිදුකරන අන්දමට හැසිරෙන ආකාරය ගැන පසුගිය කාලය පුරාවටම වාර්තා විය.

යාල ජාතික වනෝද්‍යාන පිවිසුමේ සිට වැල්මල්කෙම ප්‍රදේශය දක්වා ගමන් කරමින් තිබූ සංචාරකයින් රැගත් ජීප් රථයකට වනඅලියෙක්ගේ ප්‍රහාරයක් ඉල්ලවී තිබෙනවා. අද පෙරවරුවේ එම ප්‍රහාරය එල්ලවී ඇති අතර ප්‍රංශ ජාතික සිව්දෙනෙක් එම අවස්ථාවේදී ජීප් රථයේ සිට ඇතැයි නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

නන්දිමිත්‍ර නම් දළ හස්තියා එලෙස ජීප් රථයට පහරදී ඇති අතර පහරදීමෙන් ජීප් රථයට දැඩි හානි සිදුවී ඇතැයිද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

නන්දිමිත්‍ර හස්තියා වැල්මල්කෙම ප්‍රදේශයේ සැරිසරන බවට තවත් ජීප් රථයකින් ලබාදුන් දුරකථන ඇමතුමක් මත මෙම ජීප් රථය හස්තියා නැරඹීම සඳහා එම ප්‍රදේශයට ගොස් ඇත.

මාර්ගය ඉතා පටුවීම හේතුවෙන් හස්තියා ඉදිරියට පැමිණෙන විට රථය හරවා ගැනීමට නොහැකිවී ඇති අතර එහිදී කෝපයට පත් හස්තියා පහරදීම සිදුකර ඇත.

කෙසේ වෙතත් මේ අකාරයෙන් සතුන්ගෙන් හිරහැර විම් වැඩියෙන් සිදුවුවහොත් එය පෙරළ යාල බැලිමට එන පිරිස් වල අඩුවිමකට බලපාන්නට ඉඩ ඇතැයි ප්‍රදේශවාසින් පවසා සිටිති.