අලුත්කුරුවේ, දී කඩොලාන පරිසරය විනාශ කර, කලපුවත් ගොඩ කරයි

0
479

මීගමුව – පිටිපන අලුත්කුරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් සිය ඉඩමේ මායිමේ සිට මීටර් 10කට වැඩි ප්‍රමාණයක කඩොල් ගස් කපා දමා ගොඩකිරීමක් සිදුකර ඇති අතර ඒම ගොඩකළ ප්‍රදේශයට තාප්පයක් ද ඉදිකර තිබේ. මෙම අනවසර ඉදිකිරීම හා නීති විරෝධී ක්‍රියාව නිරීකෂණය කිරිම සදහා අංක 162 සී දකුණු පිටිපන (නැගෙනහිර) යේ ග්‍රාම නිලධාරිවරිය සහ කලපු සංවර්ධන කළමනාකරන අධිකාරියේ සභාපති රමේෂ් නිලංග යන අය ඒම ස්ථනයට ගොස් ස්ථානිය පරික්ෂාවක් සිදුකරන ලදි. මෙසේ අනවසරයෙන් කලපුව ගොඩකිරීම සිදුකල ඉඩමේ හිමිකරු රණසිංහගේ ජෝශප් පීටර් සිල්වා (61) නමැත්තෙකි.