අලුත් අවුරුද්ද සහ පාස්කුව

0
327

අලුත් අවුරුද්ද සහ පාස්කුවbookandflower

දැන් ඉතින්
මැදින් මාසෙත් ඉවරයි
සඳුත් අඳුරම මතුරයි

එකල්හි
අකල්හි හමන අච්චාන් සුළඟට
එරබ ඳු නෙත් කෙවෙනි පිපිරී
ලේ ගලයි.
නොනගතය අංග විකලයි
ඒත් අවුරුදු තරුණයි,
කොවුලා ගීත ගැයුවත්,
කපුටු කූඩුව විතරයි..
හොට ඇරී ගී බිම වැටෙන කොට
අලුත් අවුරුදු සමරයි

පංචා අතක් දාන්න ආසයි
එත් ගොංගෝ නෑ
ඔංචිලි වාරමක් ලඹ දෙයි
එත් රැකුල් ගන්නට  වෙර නෑ
මිනිස් ගිනි මැලයකින්
රත් කෙරෙන රබානක් පුපුරයි

මහ සිකුරාදා එන්නෙත්
අවුරුද්ද ළඟ ළඟමයි
මීන රාශිය මේන රාශිය
රිදී තිහකට විකුණයි
වන්නියට ගෙත්සෙමෙන  සමවන
සොදුරු සිහිනෙට වෙඩි වදින විට

අහර වළදන නැකතයි
හිසෙහි තෙල්ගල්වන්න එනුමැන
කුරුස ගහ යට සෙවනයි

පාස්කුව  එන බක්මහේ මැද
සොහොන් ගර්භය විවරයි
ජාතියක උත්තානයට පෙර
වන්නි ගම්දොර නිසලයි…


මංජුල වෙඩිවර්ධන   – ( මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි )