අලුත් කූරැ‍ෙව්දී කටින් ගහ ගනියි

0
52

 

අද සවස් වරුවේදී පිටිපන අලූත්කූරුවේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින හිටපු නාගරික මන්ත‍්‍රී ඇන්ටන් ජයවීර මහතාගේ ජය තහවුරු කරන රැුස්වීමක් පැවැත්විණි. එම අවස්ථාවට සහභාගී වූ බස්නාහිර පළාත් සභා අමාත්‍ය නිමල් ලන්සා මහතා 08 වෙනිදා පැවැත්වීමට නියමිත නගර සභා ඡුන්දය පිළිබඳව අනාවැකි කීපයක් සඳහන් කර ඇති අතර මීගමුව ආසන සංවිධායක සරත් ගුණරත්න මහතා විසින් පසුගියදා එම ස්ථානයේදීම කරන ලද කතාවකට පිළිතුරු කතාවකින් අභියෝග කර අතැයි වාර්තාවේ. අමාත්‍ය නිමල් ලාන්සා පවසා ඇත්තේ අවුරුදු ගණනාවක් පැරදුන මීගමුව දිනවා දුන්නේ තමා බවත්, මෙවර නගර සභා ලයිස්තුවේ සිටින ඔහුගේ 17 දෙනා අනිවාර්යෙන්ම දිනන බවත්ය. එමෙන්ම සරත් ගුණරත්න අමාත්‍යවරයාගේ ලයිස්තුවෙන් දිනන්නේ 2 කු බවත් ඔහු පවසා ඇත. නියෝජ්‍ය අමාත්‍ය සරත් ගුණරත්න මන්ත‍්‍රීවරයා විසින් නගරාධිපතිධූරය පිලිබඳව දක්වන අදහසට පිලිතුරු දී ඇති නිමල් ලාන්සා අමාත්‍යවරයා පවසා ඇත්තේ, වැඩිම මනාප ගන්නේ දයාන් ලන්සා බවයි. නමුත් නගරාධිපතිධූරය තේරීම මනාප අනුව තෝරන්නේ නැතිව ජේ්‍යෂඨත්වය අනුව තෝරනවා නම් නගරාධිපතිධූරය හිමිවිය යුත්තේ ඇන්ටන් ජයවීර මහතාට බවත් ඔහු පවසා ඇත.