අලුත් රටක් වෙනුවෙන් රනිල්ගෙන් ආරාධනයක්

0
78

ජනවාරි 08 වන දා විප්ලවය ඉදිරියට ගෙන යමින්ල යහපාලනය සහ සම්මුතිවාදය ඉදිරියට ගෙන යාම සඳහා මෙරට බහුතර ජනතාවගේ අනුමැතිය හිමි වී තිබෙන බවත් මැතිවරණ කාලය පුරා ජනතා ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළ සියලු පාර්ශ්වයන්ට තම ස්තුතිය පළ කරන බවත් එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ අවධාරණය කර සිටියි.

ඒ මැතිවරණ ජයග්‍රහණය නිමිතිකොට ගනිමින් විශේෂ නිවේදනයක් නිකුත් කරමිණි. එහිදී වැඩිදුරටත් ඒ මහතා අවධාරණය කර සිටිනුයේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ සාමකාමී පරිසරය මේ මැතිවරණයේ දී උදා කර ගැනීමට හැකිවූ බවත් ඒ යහපත් පරිසරය නිරන්තරව ආරක්‍ෂා කර ගැනීම සියලු දෙනා සතු වගකීමක්ද වන බවය. එම නිවේදනයේ තතවදුරටත් මෙසේද සඳහන්ය.

RW_Newදැන් ජයග්‍රාහකයින් හා පරාජිතයන් ලෙස බෙදා වෙන් කිරීම් අනවශ්‍යය. එක මවකගේ දරු කැල ලෙස අපි දැන් මෙරට නව දේශපාලන සංස්කෘතියක් බිහි කරලීමේ කාර්යයයට එක් විය යුතු වෙමු. නව යුගයේ අභියෝගයන්ට මුහුණ දී අපේ දේශය ඉහළට ඔසවා තැබීමේ වෑයමට එක හදින් උර දිය යුතු වෙමු.
ඒ අභියෝගාත්මක කාර්යය සඳහා අප හා එක්වන ලෙස මම ඔබ සැමට ආරාධනා කරන්නෙමි.

අපි එකට එක්ව ශීලාචාර සමාජයක් බිහි කරමුග සම්මුතිවාදී ආණ්ඩුවක් ගොඩ නංවමු. සැමට සමාන අවස්ථා සපිරි අලූත් රටක් නිර්මාණය කරමු.
http://www.sathhanda.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here