අලූත් රටක් වෙනුවෙන් අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්!

0
99

18010339 10155249919959704 347704876035549628 n

“අලූත් රටක් වෙනුවෙන් අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්” යන තේමාව යටතේ පවත්වනු ලබන ප්‍රාදේශීය සම්ම්න්ත්‍රණ මාලාවේ පළමු වැන්න අප්‍රේල් 28 සවස 2.30ට මීගමුව, තම්මිට කාදිනල් කුරේ මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට අලූත් ව්‍යවස්ථාක් සදහා ජාතික ව්‍යාපාරයේ ගම්පහ දිස්ත්‍රික්  සභාව තීරණය කර තිබේ.

මෙය සංස්කෘතික සම්මන්ත්‍රණයක්  ලෙස නම් කර ඇති අතර, ප්‍රසාංගික  ඉදිරිපත් කිරීම ප්‍රවීන ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර විසින් සිදු කරනු ලබයි.

ඉන් අනතුරුව ප්‍රධාන දේශනය ප්‍රවීන ලේඛක ගාමිණී වියන්ගොඩ විසින් සිදු කිරීමට නියමිතය.

මෙම සම්මන්ත්‍රණය  මෙහෙයවීම මාධ්‍යවේදී ප්‍රෙඞී ගමගේ විසින්ද සංවාද මණ්ඩපය මෙහෙයවීම මානව හිමිකම් ක්‍රියාධර බ්‍රිටෝ ප්‍රනාන්දු  විසින්ද සිදු කිරීමට නියමිතය.

අලූත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කාර මණ්ඩලය ලෙස පුජ්‍ය දඹර අමිල හිමි, මහාචාර්ය සරත් විජේසුරිය, අධිනීතිඥ ලාල් විජේනායක, ගාමිණි වියන්ගොඩ, නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන, සමන් රත්නප්‍රිය, අාචාර්ය නිමල්කා ප්‍රනාන්දු, සම්පත් රාජිත, උදේනි දිසානායක, බ්‍රිටෝ ප්‍රනාන්දු, ලූෂන් බුලත්සිංහල, පිලිප් දිසානායක, නීතිඥ සුදර්ශන ගුණවර්ධන හා මහින්ද රත්නායක යන අය කටයුතු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here