අවධානම ගැන පැනවු නියෝග නොතකා මිගමුවේ මහසභා රැස්විම කැදවන්නේ කාගේ උවමනාවටද ?

0
225

රටේ පවතින තත්වය හමුවේ සියළු සාද ,රැස්විම අද රාත්‍රියේ සිට තහනම් කොට තිබේ.
සෙනග රැස්වෙන කිසිදු කටයුත්තක් නොපැවැත්විම ගැන පසුගිය දින කිපය පුරාම රජය විසින් විවිධ දැනුම් දිම් සිදුකරමින් තිබේ.

මැයි 03 දායින් පසු විවාහ මංගල උත්සව ඇතුළු සිය උත්සව තහනම් බවද කල් ඇතිව දැනුම් දි තිබුණි.
ඒ සියල්ල මෙසේ තිබියදි මිගමුව නාගරික ලේකම් විසින් අද පෙරවරුවේ මිගමුවේ නාගරික මන්ත්‍රින් වෙත දැනුම් දි තිබුනේ මැයි මස 06 වෙනිදා මහසභා රැස්විම පැවැත්වෙන බවය.

නාගරික මන්ත්‍රිවරුන්ම 48 දෙනෙකු සහභාගි වෙන තවත් නිළධාරින් ඇතුළු කාර්ය මණ්ඩල සමාජිකයන්ද විශාල පිරිසක් එක්වන මෙවන් එකතුවක් කැදවිමට රාජ්‍ය නිලධාරියෙකු කටයුතු කරන්නේ ඇයිද යන්න සැබැවින්ම ගැටළු සහගතය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි නාගරික මන්ත්‍රිවරයෙකු කියා සිටියේ මිගමු දේශාපාලනන අධිකාරියේ ඇතැමුන්ට ලැබිය යුතුව ඇති ටෙන්ඩර් ගතමනාවන් වෙනුවේන් ටෙන්ඩර්කරුවන් වෙත මුදල් ගෙවිම් සදහා අනුමැතිය ගැනිමට ඇති අවශ්‍යතාවය කොරෝනා අවධානම පවා අභිබවා උඩින් ඇති බවයි.
මේ අවධානම් නොතකා ඒ අය කටයුතුකරන්නේ ඒ නිසා විය යුතු බවද ඔහු අවධාරණය කර සිටියේය