අවරුදු 30 ක් ගිහිල්ලා ලබාගත් ජිනීවා යෝජනා අතාරින්න අපි සුදානම් නෑ – බ්‍රිටෝ ප්‍රනාන්දු

0
172

බ්‍රිටෝඅවරුදු 30 ක් ගිහිල්ලා ලබාගත් ජිනීවා යෝජනා අතාරින්න අපි සුදානම් නෑ – බ්‍රිටෝ ප්‍රනාන්දු

“මෙම ජිනීවා යෝජනාවලින් තමයි අවරුදු 30 ට පස්සේ අපට ඇත්ත දැනගන්න කාර්යාලයක්, වන්දි ලබාගන්න වන්දි කොමිසමක් හා අතුරුදහන් කරවීම අපරාධයක් බවට නීතියක් සම්මත වුණේ. දැන් ගෝඨාභය කියනවා ඒ ජිනීවා යෝජනා පිළිගන්නේ නෑ කියලා. සජිත් පවා කියනවා රණවිරුවෝ බේරනවා කියලා. එන හැම එකාම කියන්නේ රණවිරුවෝ බේරනවා කියලා අපිට වෙච්ච වින්නැහිය ගැන කව්රුත් බලන්නේ නෑ.”

අතුරුදහන් වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා ඒ අදහස් පැවසුවේ, ඊයේ (27) පැවති අතුරුදහන් වුවන් සිහිකිරීමේ 29 වන ජාතික දින සැමරුම අමතමිනි.
aithiya.lk

වීඩියෝව පහතින්…