අවලංගු විදෙස් ගමන් බලපත්‍රවලින් රට යන්න ගිය විමල්ට වැඩවරදින ලකුණු ?

0
201

4(2)හිටපු අමාත්‍යය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා පසු ගිය ඔක්තොම්බර් 23 දින ව්‍යජ අවලංගු ගුවන් ගමන් බලපත්‍ර දෙකක් ලග තබා ගෙන විදේශ ගතවිමට තැත් කිරිම සම්බන්දයෙන් පැවැති නඩු විභාගය ඊයේ 3 දින මිගමුව අධිකරණයේදී පැවැත්වුනි
හිටපු අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා විදේශ ගත විමට යාමේදී කටුනායක ගුවන්තොටුපලේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ  නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් ලක්ෂදහයක ශරීර ඇප දෙකක් හා මුදලින් රුපියල් 10000 ඇපයක් මත මුදහරින ලදි
අවිදිමත් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් ලග තබා ගෙන විදේශ ගතවිමට තැත් කිරිමේ  යන චෝදනාව ඇතුලත් නිතිපතිවරයා විසින් ගොනු කරන ලද චෝදනා පත්‍රය සැකකාර හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතාට භාරදෙන ලදි
මෙම සිද්දියේ නඩුව විභාගයට ගැනිම ලබන සැප්තැම්බර් 8 දිනට කල් තබන ලෙස මිගමුව ප්‍රධාන මාහස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කලේය9

පියපේම මානික්ක රත්න 2016-05-03