අවි නැති රටේ කවි සහ ‘ජෙයපාලන් ‘

0
300
jeyapalan newඅවි නැති රටේ කවි සහ  ‘ජෙයපාලන්’

කවියෙකු  වුවත්
ජෙයපාලන් දෙමළෙකුය..
පුරවැසියන් කොහි ද
පරවැසියන් වසන..,
මව්බිමක් නොවේ
මේ දඩබිමක  සැටිය ……………..

” පාලකයෝ  නම් -නපුරුය – දුෂ්චරිත හිමි
කවියෝ නම්  – පරයෝ නොවෙති  සකි …. ”
‘පිටුවහල්  සගයා’  එය කියනු ඇති…..

අවියක් නොවන   කවි – මී හරකුන් පලවන්ට
කවිකම්  හොඳයි නුඹ වාගේ කොවුලන්ට
කවි  කිය කියා තනි රැක ජෙයපාලන්ට…
කී  කවි වලින් හැකිවෙද  මුන් එලවන්ට…

කවියෙකු වුවත්
ජෙයපාලන් දෙමළෙකුය ….

කුමාරි ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here