කවියෙකු වුවත්
ජෙයපාලන් දෙමළෙකුය..
පුරවැසියන් කොහි ද
පරවැසියන් වසන..,
මව්බිමක් නොවේ
මේ දඩබිමක සැටිය ……………..
” පාලකයෝ නම් -නපුරුය – දුෂ්චරිත හිමි
කවියෝ නම් – පරයෝ නොවෙති සකි …. ”
‘පිටුවහල් සගයා’ එය කියනු ඇති…..
අවියක් නොවන කවි – මී හරකුන් පලවන්ට
කවිකම් හොඳයි නුඹ වාගේ කොවුලන්ට
කවි කිය කියා තනි රැක ජෙයපාලන්ට…
කී කවි වලින් හැකිවෙද මුන් එලවන්ට…
කවියෙකු වුවත්
ජෙයපාලන් දෙමළෙකුය ….
කුමාරි ප්රනාන්දු