අවුරුදු දෙකක් තිස්සේ ජනතාව මඩවන ‘ලුණුවිල පාලම‘ කෝ ?

0
101

lunuwilla bridg 2වෙන්නප්පුව ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රෙද්ශයක් වන ලුණුවිලට යන මාර්ගයේ දී හමුවන ‘ලුණුවිල පාලම‘ ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කළේ දැනට අවුරුදු දෙකකටත් වඩා කාලයට  ඉහතදීය. මේ හරහා වැටී ඇති මාර්ගය වෙන්නප්පුව නගරයත් ලුනුවිලත් හරහා  කිරිමැටියාන නගරය මැදින්  අවසන් වේ.
මෙම පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන්  ගත් කාලය ඕනෑවටත් වඩා වැඩිවූ අතර ප්‍රදේශ කිපයකම මහජනතාව මෙම පාලමේ ප්‍රශ්නය නිසා මහත් පීඩාවකට පත්වූහ. අවසානයේදී 2013 වසරේ අගභාගය වනවිට  තැලවිල්ලත් සමග සම්බන්ධ කරමින් තැනූ අලුත් පාලම තනා ටික දවසකින් නැවතත් ගගට උඩින් තිබෙන පාලමේ කොටස කඩා වැටුණි. පාලම හදනතෙක්ම දහසක්  මගී ජනයා ද වට වන්දනාවේ ගොස් විකල්ප පාරවල් භාවිතා කළ අතර සිරිගම්පල , ලුණුවිල ,බන්ඩිරිප්පුව හා බොරලැස්ස යන ප්‍රෙද්ශ වල සිට වෙන්නප්පුව ශා. මාටින්ද ෆෝරස් විදුහලට හා අනෙක් පාසල් වලට පැමිණි පාසල් දරුවන් ඉතාමත් දුෂ්කරතා විදින ලදී.
ඒ වාගේම  සමහර දරුවන් එම පාසලට ඇතුළත් නොකර වෙනත් පාසල් වලට යොමුකරන්නට ද අවසානයේදී දෙමව්පියන් පියවර ගත්තේය.
මෙම පාලම තැනීමේ ප්‍රමාදය පිළිබඳව අදාළ වගකිව යුතු ආයතනවලින් විසූ විට ඔවුන් පවසා සිටියේ  මෙම පාලමේ කොන්ත්‍රාත්  ගත් සමාගම අයිති වැඩකොටස ඔවන් විසින් ප්‍රමාද කළ බවයි.
කෙසේ නමුත් දැන් 3 වෙනි අවුරුද්දත් එළඹී ඇත. මේ ඡායාරෑපයෙන් දිස්වන්නේ පාලම තැනෙන තෙක් තනා ඇති විකල්ප පාලමයි.  එහි ආරම්භයේ දී තබා ඇති පුවරුවේ සඳහන් කර ඇත්තේ පදිකයන් සඳහා පමණයි යන්නයි.  එහිත් බීමතින් ගමන් නොකරන්න යැයිද සඳහන් කර තිබේ.
වෙන්නප්පුව නගරයට ලුණුවිල හරහා පැමිණීමට ඇති ප්‍රධාන මාර්ගය මෙය වන අතර පළාතේ දේශපාලකයින්ට ද මේ සඳහා මැදිහත්වීමේ හැකියාවක් නැති බවක් දැන් සිදුවන දේ වලින් පෙනී යයි. මේ දිස්වන තාවකාලික පාලමෙන් බිමතින් තියා හොඳ සිහියෙන් ගමන් කරන්නෙකු වුවද අනතුරේ වැටිය හැක. පසුගිය දිනවල කීපදෙනෙකු මෙම ස්ථානයෙන් ගගට වැටී ඇති බවද වාර්තා විය. මෙහි ඇති අනතුරුදායක තත්ත්වය තේරුම්ගෙන හෝ බලධාරීන් මෙම මාර්ගය යථා තත්ත්වයට පත්කරීමට පියවර ගන්නේ නම් එය ජනතාවගේ පැත්නෙන් එකම සහනයකි.
අධිවේගී මාර්ග හදමින් සංවර්ධනයක් පෙන්වන්නට හදන රජයකට පාලමක් හදාගන්නට බැරිවන්නේ මන්දැයි යන ප්‍රශ්න අසන්නට සිදුවන්නේ මෙවැනි සිදුවීම් උදාහරණ ලෙස ගනිමිනි.

lunuwilla brid 1

ඡායා – ෂෙහාන් ප්‍රනාන්දු