අවුරුදු සමයට බෙදාහැරිමට සුදානම් කර තිබු කසිප්පු පැකට් තොගයක් අත්අඩංගුවට ..

0
245

අවුරුදු සමයේ ප්‍රදේශයේ හා පිටපළාත්වල පැකට් කර බෙදාහැරිමට සුදානම් කරතිබු කසිප්පු තොගයක් සමග සැකපිට පුද්ගලයෙක් බණ්ඩිරිප්පුව ගාලවත්ත ජනපදයේදි ඉකුත් 10/04 වෙනිදා අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි මෙලෙස අත් අඩංගුවට ගෙන තිබුණේ ගාලවත්ත ජනපදයේ පදිංචි 28 හැවිරිදි අයෙකුගේ නිවසේ සිවිලිමේ සඟවා තිබු කසිප්පු තොගයකි ප්ලාස්ටික් කවර 200 ක හා බෝතල් වල අසුරා තිබු මෙම කසිප්පු තොගය පිළිබඳව වෙන්නප්පුව පොලිස් දූෂණ මර්ධන අංශයේ නිළධාරියෙකුට ලැබුණ තොරතුරක් මෙම වැටලීම සිදුකල බව පොලිසිය කීය මෙම ප්ලාස්ටික් උරවල අසුරා තිබු කසිප්පු රුපියල් 50 හා 100 යන මිල ගණන් වලට මිල නියම කර තිබු බව කරන ලද ප්‍රශ්න කීරිම් හමුවේ ඉහත සැකකරු ප්‍රකාශ කර තිබේ වෙන්නප්පුව මූලස්ථාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත පොලිස් දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රසාද් ලියනගේ සැරයන් (23704) සරත්, කොස්තාපල් (64618) රූපවංශ යන නිළධාරින් විසින් මෙම වැටලීම සිදු කර ඇත.

සටහන සහ ඡායා – චන්දන ප්‍රනාන්දු
Kassippua