අවුරුදු හතලිස් දෙකක් තිස්සේ පමුණුගමට දර විකුණන විමලරත්න !

0
855
dara 2dara 1
(6.30 pm ) අවුරුදු හතලිස් දෙකක් තිස්සේ දර විකුණන විමලරත්න. පමුණුගම බෝපිටියේ සේනානායක මුදියන්සේලාගේ විමලරත්න පමුණුගම බෝපිටිය, කැපුන්ගොඩ සහ සෙත්තප්පාඩුව ප්‍රදේශයේ ජනතාවට ලිප ගිනි මොලවන රබර් දර විකුනයි. දැනට වසර 42කට පමණ පෙර විමලරත්න ආරම්භ කල මෙම රබර් දර අලෙවි කිරීමේ ව්‍යාපාරය තවමත් නොකඩවා පවත්වාගෙන යයි. විමලරත්නව නොහදුන කිසිවකු මෙම ප්‍රදේශයේ නැත. දැනට වසර 25 කට 30 කට කලින් විමලරත්න ගොනා බැදි කරත්තයෙන් දර රැගෙන එන තුරු බොහෝ ගෘහනියෝ මග බලාගෙන සිටියහ.
එහෙත් ගෑස් සහ විදුලි උදුන් භාවිතට පැමිණීමත් සමගම විමලරත්නගේ දර වලට තිබූ ඉල්ලුම බොහෝ අඩුවිය. දැන් විමලරත්න දර රැගෙන එන්නේ අත් ටැක්ටරයකිනි. විමලරත්න තම රබර් දර ව්‍යාපාරයේ එදා සහ අද තත්ත්වය පිළිබඳව ‘මීපුර’ පැවසුවේ මෙවැනි අදහසකි.
” ඉස්සර මට රබර් දර කොටන් ලොරි ආවේ අත්තනගල්ල පැත්තෙන්. දැන් එන්නේ පාදුක්ක ප්‍රදේශයෙන්. මම දර ලොරියකට ඒ දවස්වල රුපියල් 600/-ක් ගෙව්වා. දැන් දර ලොරියකට රු 50,000/- ගෙවනවා.
ඒ කාලේ දර හොන්ඩරයකට මම ගත්තේ රුපියල් දෙකයි සත අසූවයි. දැන් හොන්ඩරයකට මිනිසුන් රුපියල් හයසීයක් ගෙවනවා. මට දරුවන් දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නාම විවාහකයි. අපේ හැම වැඩක්ම කර ගත්තේ මේ රබර් දර ව්‍යාපාරයෙන් තමයි” රබර් දර ලොරිය විමලරත්නගේ නිවස අසලට ගෙනවිත් දුන් පසු කොටන් කුඩාවට කැපිම, ඒවා කුඩා කොටස් වලට පැලීම සහ ටැක්ටරයෙන් තැන තනට ගොස් දර විකිණීම ඇතුලු සියලු කටයුතු කරන්නේ විමලරත්න විසින්මය. සමහරු විහිලුවට ඔහුට කිව්වේ ගෙවල්වල ගිණි අවුලන කරදර කාරයා කියාය. වසර හතලිහකට වැඩිකාලයක් මේ දර ව්‍යාපාරය විමලරත්නට නොකඩවා පවත්වාගෙන යාමට හැකිව තිබෙන්නේ ඔහුට ජනතාව සෑබෑ ලෙසම ආදරය කල නිසාය. “මේ බිස්නස් එක මට හොදයි..මැරෙනතුරා මම දර විකුනනවා” විමලරත්න කියයි.
36270617 10156178102411014 7673220732301606912 nඅරුණ ශාන්ත නෝනිස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here