අවුරුදු 3 කට බිච් පාක් එක තාත්තාට දුන්න නගරාධිපති පුතා…

0
134
බිච් පාක් එකේ ඉදිවු පිහිනුම් තටාකය
බිච් පාක් එකේ ඉදිවු පිහිනුම් තටාකය

රටේ පාලනය පවුලක් විසින් හසුරුවද්දි, මීගමුවද පාලනය වන්නේ පවුලක් විසිනි. පවුලේ එක පුතෙක් ඇමතිවරයෙකි. අනෙක් කෙනා නගරාධිපතිය.
මේ දෙදෙනාම සැදි පැහැදි සිටින්නේ ජනයාට සහන සැලසිමට වඩා සිය පියාගේ විනෝදාශ්වාදය වෙනුවෙන් අතදිගහැර වියදම් කිරිමට ආදායම් ලබාදිමට වැඩපිළිවෙල් සකසා දිම ගැනය.
තාත්තාගේ ප්‍රධානම ආදායම් මාර්ගය මිගමුව ඒත්තුකාලේ වෙරළ උද්‍යායනයයි. වෙනත් අයෙකු ගේ නමට ටෙන්ඩරය ලබාගෙන දැන් දශකයකටත් වඩා කාලයත් තිස්සේ එය පවත්වාගෙන යාමට ඇමතිපුතාලා පසුබිම සකසා දි ඇත.
නගර සභාවේ පරිපාලන අධිකාරිය විසින් ටෙන්ඩර් කළ යුතුයැයි නිර්දේශ කර තිබියදි ,රජයේ ප්‍රසම්පාදන රෙගුලාසි වලටද පිටින් යමින් නගරාධිපති පුතා විසින් වෙරළ උද්‍යානය සහ තවත් මිගමුවේ වැදගත් පොළවල් කිපයක්ම ටෙන්ඩර් නොකරම වසර 3 ක් සදහා 5% ක් පමණක් වැඩිකොට ලබාදි තිබේ.
තාත්තාගේ බිච් පාක් ටෙන්ඩරය නිසා අනෙක් පොළකරුවන්ද මේ ආකාරයෙන් වරප්‍රසාද ලාභින් බවට පත්ව තිබේ.
මිගමුවේ කරුමය වන්නේ ලංසා පවුලේ සමිපතමයෙකු විම නිසාම ටෙන්ඩර් යහමින් ලැබෙන අයෙකු මිගමුවේ එජාප සංවිධායකයා බවට පත්ව තිබිමය.
මේ අන්ත දුෂිත ටෙන්ඩර් ගණුදෙනු ගැන කථාකරන්න සැප්තැම්බර් 6 වෙනිදා පැවැත්වෙන මහසභාවට මිගමුව එජාප සංවිධායක බෙන්ජමින් ඇතුළු පිරිසක් පැමිණේවිදැයිද සැක සහිතය.,පැමිණෙන්නේ නම් ඔවුන් හිට ගන්නේ කාගේ පැත්තේද ?