අවුරුදු 38 ක් දන්සලට සම්මාදම් වු බන්දුල මාර්කට් එකේ ලිලාවති අම්මා…

0
133

1081293අවුරුද්දේ දවස් 365 ම මීගමුවේ හා අවට ජනයා හට එළවළු සැපයු සියළු වෙලදුන් අද යහුසුලුව සිටියේ තමන්ගෙන් එළවළු ගත් නොගත් ජනයා හට ඇති තරමින් කන්න දෙන්න දන්සලක් දෙන්නටය.
ඔවුන් මෙවර එය පවත්වන්නේ 51 වෙනි වරටය.
ඉන් වසර 38 ක්ම සම්මාදම් වු ලිලාවති අම්මා අදත් අප හමුවෙන අවස්ථාවේ සිටියේ දන්සලට රටළුණු සුද්ද කරමිනි.ඇය මේ දන්සල් දිමේ කටයුත්තට වැඩිම වාර ගණනක් සහභාගිවු තැනැත්තියද වෙයි.ඇය දැන් පසුකරමින් සිටින්නේ 77 වෙනි වියයි.
එළවළු වෙළදුන් සහ ඔවුන්ගේ දුවා දරුවන් මෙන්ම බිරින්දැවරුන්ද අද මේ දන්සලට ශ්‍රමය දෙන්නට පැමිණ සිටිති.
මෙම දන්සල බන්දුල මාර්කට් පරිශ්‍රයේදි අද රාත්‍රි 7 ට පැවැත්විමට නියමිතය.56

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here