අවු.1 ට අඩු දරුවන්ට පලතුරු යුෂ නුසුදුසු බව ළමා රෝග විශේෂඥයින් පවසයි..

0
476

juice-kids_3102014b

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අනුදැනුමකින් තොරව වයස අවුරුදු 1ට අඩු දරුවන්ට පලතුරු යුෂ ලබාදීම නුසුදුසු බව ඇමරිකාවේ ළමා රෝග විශේෂඥවෛද්‍යවරුන්ගේ ඇකඩමිය පවසනවා.
මින් පෙර මාස 6ක් සම්පූර්ණ වූ පසු පළතුරු යුෂ දරුවාට ලබාදීම සුදුසු බව වෛද්‍යවරුන් විසින් පිලිගෙන තිබුණත් දිගින් දිගටම වැඩිවන ස්ථූලතාවය හා දන්ත රෝග පිලිබදව සැලකීමේදී පලතුරු යුෂ දරුවන්ට ලබා දීම තවත් පමාකලයුතු බව වෛද්‍යවරුන්ගේ නිර්දේශය වී ඇත්තේ. වයස අවුරුද්දක් සම්පූර්ණ වනතුරු මව්කිරි ලබාදීම හා පෝෂණ ඌණතාවයන් ඇත්නම් ඒවාට වෛද්‍යඋපදෙස් ලබා ගැනීම සිදුකලයුතු වන අතර ආහාරයක් වශයෙන් පලතුරු යුෂ දරුවන්ට ලබා නොදිය යුතු බවයි ඔවුන් පවසන්නේ.

වර්ථමානයේ ඇති කාර්යය බහුලතත්වය නිසා මව්වරුන් විසින් බෝතලයක දමා පලතුරු යුෂ දරුවාට සූප්පුවක් හරහා ලබා දීමට පුරුදුවී ඇති නිසා එමගින් දරුවාට දිනකට ලැබිය යුතු කැලරි ප්‍රමාණය ඉක්මවා යාම සිදුවන අතර දරුවන් පලතුරු යුෂ වල රසයට පුරුදු වීමෙන් ජලය පානය කිරීමට ඇති අවස්ථාවන් මගහැරීම හා ජලය පානයට ප්‍රිය නොවීම වැනි තත්වයන් ඇති වන බවයි එම ඇකඩමිය විසින් සිදුකල පරීක්ෂණ වලින් හෙලිවී ඇත්තේ.මෙේ නිසා දරුවන්ගේ බරවැඩිවී ස්ථූලතාවය පත්වීමට හා දන්ත රෝග ඇකි වීමට මගපෑදෙනු ඇති.

වයස අවුරුදු 1කට වැඩි දරුවන් සදහා නැවුම් පලතුරු යුෂ ලබාදීමට හැකියාව ඇතත් වයස් ප්‍රාමාණයන් අනුව ලබා දිය යුතු පලතුරු යුෂ ප්‍රමාණය වෙනස් කලයුතු බවයි ඔවුන් පවසන්නේ. විශේෂයෙන් බ්‍රරුෆන්, වෝර්ෆරින්,ෆ්ලුවස්ටැටින්,වැනි ඖෂධ ලබා ගන්නේ නම්  පැස්චරීකරණය නොකල හා ග්‍රේප් ෆෘට් යටතට ගැනෙන පලතුරු යුෂ පානය නොකල යුතු බවත් එමඇකඩමිය විසින් අවධාරණය කර සිටිනවා. තයද විජලනය වැනි අවස්ථාවන් වලදී හා මලබද්ධය වැනි අවස්ථාවන් වලදීද  ප්‍රතිකාරයක් වශයෙන් පලතුරු යුෂ පානය නොකල යුතුබවත් පෙන්වා දෙන ඔවුන් පවසන්නේ පලතුරු යුෂ භාවිතය වෙනුවට පලතුරු ආහාරය ගැනීමට යොමු වීම වඩාත් සෞඛ්‍ය සම්පන්න බවයි. පලතුරු වල ඇති කෙදි ස්වභාවය පලතුරු යුෂ පානයේදී නොලබෙන නිසා පලතුරු ආහාරයට ගැනීම යෝග්‍ය බවයි එම වෛද්‍ය කණ්ඩායමේ නිර්දේශය වී ඇත්තේ.

 

www.cnn.com හි පලවූ ලිපියක් ඇසුරිණි