අශිෂ්ඨයන්ට පක්ෂපාතිවුවන්ගෙන් මිගමුව බේරාගත යුතුව තිබේ.!

0
81

commisioner 3පසුගිය කාලය පුරා රටතුල පැවතියේ අශිෂ්ඨයන් සහ ශිෂ්ඨත්වය යළි ස්ථාපිත කිරිම පිළිබදව අරගලයකි.2018 දෙසැම්බර් 16 වනදා රටම වෙලා ගැනිමට ගිය අශිෂ්ඨත්වයෙන් රට බේරාගැනිමේ දවස ලකුණු විය.
මීගමුව යන දශක ගණනාවක් අශිෂ්ඨයන්ට යටවි පැවැති නගරයකි. මේනිසාම මෙහි නිළධාරින් පවා කටයුතු කළේ මීගමුවේ මේ අශිෂ්ඨයන් හා කරේ අත දාගෙනය.
පැවැති පළාත් පලාන මැතිවරණය තුලදි මැතිවරණ නීති කැඩිමේ අංක 1 ට පැමිණි නගරයක් ලෙසින් මිගමුව ගැන ස්වාදින මැතිවරණ කණ්ඩායම් විසින්ද කරුණු දක්වා තිබුණි.
එනම් රටේම පොලිසිය ස්වාධින කිරිමට යහපාලනය පියවර ගෙන තිබුණද  මිගමුවට ඒ තත්වය ගලාඒම එහෙම පිටින්ම පමා වි තිබුණි.දේවියෝ නැති තැන යක්ෂයෝ පිණුම් ගහනවා සේ නිමල් ලංසා අමු අමුවේ මැතිවරණ නිති උල්ලංඝනය කළේය.
එහෙත් අවාසනාවකට මිගමුවේ පොලිසියට ඒවා පාලනය කරගැනිමට නොහැකි විය.
මේ අනුව මිගමුවේ රාජ්‍ය යන්ත්‍රය තුල පමණක් නොව මිගමුවේ මාධ්‍ය ක්ෂේත්‍රය තුලද අද මිගමුවේ අශිෂ්ඨයන්ගේ  වැරදි නොලියන සහ උන්ගේ වැරදි ලියන මාධ්‍යවේදින්ට එරෙහිව විවිධ බලපෑම් කිරිම් සදහාද අශුස්ධ සංධානයන් බිහිව පවති.මේ සකලාකාර අශිෂ්ඨයන්ගෙන් මිගමුව ගලවා ගත යුතුව තිබේ.