අසරණ දෙමව්පියන්ගේ දරුවන් බිල්ලට දෙන මීගමුවේ කළු සල්ලි රාජකුමාරවරු ??? ?

0
180

DSC_0906මීපුර කර්තෘට පහර එල්ල කිරිම සදහා යොදගෙන ඇති සොහොයුරන් දෙදෙනාගේ පියා කටුනායක පදිංචිකරුවෙකි.
ඉතාමත් භක්තිමත් කිතුණු පවුලක සමාජිකයෙකු වු ඔහුගේ බිරිද කලක් නිදහස් වෙළද කලාපයේ රැකියාව කළ තැනැත්තියකි.
රියදුරු වෘත්තියේ නියැලුණ පියා කෙසේ හෝ දුක්මහන්සියෙන් මේ දරුවන් හදාවඩා ගති.
එහෙත් නිසි රැකියා නොලැබුන කලක මේ තුෂාන් නැමැත්තා කටුනායක ප්‍රදේශයේ අයෙකුගේ ත්‍රිරෝද රථයක්ද කුලියට ගෙන කලක් ජිවනෝපාය සරිකරගෙන තිබුණි.
මේ දරුවන්ගේ අසරණ කම් වලින් ප්‍රායෝජන ගත් මීගමුවේ කලු සල්ලි රජවරුන්ගේ පුතුන් විසින් අද මේ අසරණ දෙම්ව්පියන්ට අහිමිකර දමමින් තිබෙන්නේ ඔවුන් ගේ තාරුණ්‍යයයි.
පොල්ලකින් හිසට පහර දිම යනු බරපතල තත්වයකි.මරණයට තැත් කිරිමකි.
කෙසේ වෙතත්  මේ අය විසින් මේ පහර දිමට පැමිණි බව පිළිගෙන තිබේ.
ඒ නගර සභාවේ රැකියාවේ යෙදි සිටියදිම නිසා පළාත් පාලන නිතියේ රෙගුලාසි ප්‍රකාර යළිත් නගර සභාවේ රැකියාව කිරිමට මේ තුෂාන් නැමැත්තාට ඉඩක් නැත්තේය.
ඔහුගේ සොහොයුරා මේ ප්‍රහාරයට ගෙන්වා ගෙන ඇත්තේ පොලිසිය කියන ප්‍රකාර ස්මාර්ට් ෂර්ට් ආයතනයේ රැකියාවක් සදහා වු සම්මුඛ පරික්ෂණයකට ගොස් සිටියදිය.
එනම් රැකියාව අහිමි වු තරුණයෙකු වු ඔහුගේ මුළු අනාගතයම අදුරුවි යන තැනට දැන් කටයුතු යෙදෙමින් තිබෙන්නේ  මාධ්‍යවේදියෙකු මැරිමට තැත්කිරිම යන හංවඩුවක් මේ සිදුවිම හරහා වැදිමට නියමිතව ඇති නිසාය.
කෙසේ වෙතත් කලු සල්ලි රාජකුමාර වරුන් ගේ කුලි මැරයන් විමට සිදුවිම නිසා ජනජය ගමදි පමණක් නොවේ කටුනායකදිත් මුළු මිගමුවේත්  අර අසරණ දෙම්පියන්ට මුහුණ දෙන්නට වන්නේ මහත්වු බේදවාචකයකටය.
වාර්ථා වන අන්දමට තුෂාන් ක්‍රිස්මාල්ගේ ලොකු අම්මා සිටින්නේ ඇඩු කදුලිනි.
ඒ තමන්ගේ මුණුබුරන් දෙදෙනෙකු රටේ ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු ඝාතනය කිරිමට තැත් කිරිම යන බරපතල හංවඩුවක්ද සමගින් සිරගෙදර තපින්නට සිදුව ඇති නිසාය.
මේ අසරණයන්ගේ කදුළු වලට වගකිව යුත්තෝ නම් මීගමුව කළු සල්ලි වල පාලනයට නතුකරගෙන අහිංසක තරුණයන්ගේ මුළු අනාගතයම අදුරු කරන්නට  සැදි පැහැදි සිටින කලු සල්ලි රාජකුමාර වරුන්මය.
ලැජ්ජාවට කරුණ වන්නේ මෙවන් අයවලුන් ලවා  මුළු මහත් කිතුණු සභාවටම කලු පැල්ලමක් එක්කරගන්නට දැන හෝ නොදැන වැඩකරන කතෝලික පියතුමන්ලා පිරිසක්ද මීගමුවේ සිටිම ගැනය.
ඒ පියතුමන්ලා අතලොස්ස මුළු මහත් කිතුණු සභාවටත් පාප්තුමන්ටත් වගකියන්නට සිදුවන වැඩි ඇතක නැති බවද මෙහිලා සටහන් කරනු කැමැත්තෙමු.