අසරණ ධීවරයන්ගේ ජිවිත විනාශයට රජය වගකිව යුතුයි-ජාතික ධීවර සහයෛා්ගිතාව කියයි.

0
49

fisherman 2පසුගිය සිකුරාදා සිදුව සුළි කුණාටුව හේතුවෙන් මිය ගිය ධිවරයන් සහ අතුරුදහන් වුවන් සම්බන්ධ වගකිමෙන් කිසිසේත් රජයට ගැලවිය නොහැකි යයි නිවේදනයක් නිකුත් කරමින් ජාතික ධීවර සහයෝගිතාව පවසා සිටියි.
එහි කැදවුම්කරු හර්මන් කුමාර මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එහි වැඩිදුරත් අවධාරණය කර සිටින්නේ ඇතැම් අමාත්‍යවරුන් අද ලංකාව ආසියාවේ අාශ්චර්ය බවට පත්විමට ඉතාමත් ආසන්න යැයි පවසා සිටියද ඇත්ත තත්වය නම් කාලගුණ අනාවැකියක් හෝ නිවරදිව කියා ගැනිමට බැරි වන අයුරින් මේ සමස්ථ රාජ්‍ය පද්ධතිය බිද වැටි ඇති බවය.
මිය ගිය අය වෙත වන්දි ප්‍රදානය කිරිමෙන් පමණක් මේ හානිය කිසිසේත් අාවරණය කළ නොහැකි බව අවධාරණය කර සිටින ජාතික ධිවරය සහයෝගිතාවය රජය අවධානයට ප්‍රධාන ඉල්ලිම් 7 යොමුකර තිබේ.
ධීවරයන්ගේ ජිවිත අහිමි කළ මේ ක්‍රියාව පිලිබදව විධිමත් ස්වාධින පරික්ෂණයක පැවැත්විය යුතු බවත් ඉදිරියේදියත් මෙවන් අවාසනාවන්ත සිදුවිම අැතිනොවිමට විධිමත් සැලැසුම් සම්පාදනය කළ යුතු බවත් ඊට ඇතුලත්ය.
එමෙන්ම ක්‍රියාත්මක කළ හැකි විධිමත් අාපදා කළමණාකරණ සැලසුමක් ධීවරයන්ගේද සහභාගිත්වයෙන් සැකසිය යුතුව ඇති බවද එහි තවත් එක් අවධාරණයක් වේ.
ජිවිත ආරක්ෂක කට්ටල ධීවරයන් හට කඩිනමින් ලබාදිම සදහා සහනදායි වැඩපිළිවෙලක් ඇති කළ යුතු බවටද එහිදි ජාතික ධීවර සහෝගිතාවය රජයෙන් ඉල්ලා සිටිති.