අසරණ පවුලක් මහමහට දැමිමේ පාපයට මම හවුල් නෑ-මීගමුව පුරපති

0
112

1මීගමුව පිටිපන ප්‍රදේශයේ අසරණ පවුලක් මහමහට ඇද දමමින් ඔවුන් නිවස බුල්ඩෝසර් දමා කඩා ඉවත් කිරිමේ සිදුවිමට තමන්ගේ කිසිම සම්බන්ධයක් නැති බව මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවීර පවසා සිටි,
2015 ජනවාරි 20 වනදා දවල් පිටිපනදි මහාමාර්ගයද හරස් කරමින් ප්‍රදේශවාසින් උද්ඝෝෂණය කර තිබුනේ නිවස කඩාදැමිමේ සිද්ධියට මීගමුව නගරාධිපතිවරයා සම්බන්ධ බව කියමිනි.
මෙම නිවස සම්බන්ධයෙන් 30 ස් දෙනෙකුගෙන් ලැබුන පෙත්සමක් වසර 2010 දි  නගරාධිපතිව සිටි හර්මන් කුරේරා මහතා විසින් එකල නගර සභාවේ විශේෂ කොමසාරිස්වරයා ලෙසින් කටයුතු කළ ශාන්ත කේ මුහන්දරම් මහතා වෙත යොමු කිරිමෙන් පසු ඔහු විසින් මෙම අනවසර ඉදිකිරිම පිලිබදව අධිකරණයට යොමුකර ඇති බවත් ඒ නඩු විභාගයේ තින්දුවට අනුව මේ නිවස කඩා ඉවත් කරන ලෙස දැනුම් දෙමින් අධිකරණයෙන් පැමිණි නියෝගය පමණක් මහනගර සභාව විසින් ක්‍රියාත්මක කළ බවත් පවසා සිටියේය.
කෙසේ වෙතත් අදාල නිවස 1976 හෝ ඊට පෙර සිට එම ස්ථානයේ පැවැති බවට පිඹුරු පත් සාක්ෂි ඇති බවත් එසේ තිබියදි මෙය අධිකරණයක් වෙත යොමුකරන්නට අදාල බලධාරින් කටයුතු කර ඇත්තෙ කෙසේදැයි ගැටළු සහගත බවත් එබැවින් මහමගට වැටුන මේ පවුලට අසාධාරණයක් සිදුව ඇති බවත් ඔහු පවසා සිටියි.
කෙසේ වෙතත් අදාල කාල තුල මීගමුවේ ප්‍රදේශිය ලේකම් හා මීගමුව මහනගර සභාවේ විශේෂ කොමසාරිස් ලෙසින් කටයුතු කරන ලද ශාන්ත කේ.මුහන්දිරම් මහතා මීගමුවට පත්ව ආ අන්ත දුෂිතම නිලධාරියෙකු බව මීපුර අපි ඉතා වගකිමකින් යුතුව මෙහි සටහන් කරන්නටද කැමැත්තෙමු.
මීගමුව කඩොලාන අක්කර 8 ක් එවකට ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයන් විසින් කපා විනාශ කර දමන්නේද මේ නිළධාරියාගේ පාලන කාලය සමයේදිය.