අසරණ බිලි බෝයිස්ලා 28 දක්වා යළිත් හිරේට ? ලංසලා පවුල් පිටින් රෝමෙට ?

0
108
දයාන් ලංසාගේ කුලි මැරයෝ
????????????????????????????????????
????????????????????????????????????

මාධ්‍යවේදි ප්‍රෙඩී ගමගේ මහතාට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කල ජනජයගම පදිංචි සැකකරුවන් දෙදෙනා යලිත් ජුනි 28 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරමින් ඔවුන්ගේ නීතීඥයන් විසින් ඉදිරිපත් කල ඇප ඇයදුම්පත ප්‍රතික්ෂේප කිරිමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුවිර වැලිවත්ත මහතා ඊයේ (2016.06.21)පියවර ගෙන තිබුණි.
මෙදින පැවැති හදුනාගැනිමේ  පෙරෙට්ටුවේදි  අදාල ප්‍රහාරකයන් හදුනාගැනිමටද මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේ ට හැකිව තිබුණි .

28 හැවිරිදි ප්‍රධාන සැකකරු කුඩා දරු දෙදෙනෙකුගේ  පියෙකි. 22 හැවිරිදි දෙවන සැකකරු තවමත් රැකියාවක් නොකරන රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටි තරුණයෙකි.
නමුත් මේ වන විට ඒ දෙපලම සති 2කක්  තිස්සේ සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය.දැන් සතියකට ඔවුන් බන්ධනගාරය යැවිමට මහේස්‍රාත්තුමා ඊයේ දිනයේ තින්දු කලේය.
වාර්ථා වන අන්දමට මෙහිදි ප්‍රධාන සැකකරු වන තුෂාන් ක්‍රිස්මාල් හට යළිත් මීගමුව මහනගර සභාව තුල රැකියාවක් කිරිම සදහා ඉඩක් නැත.
දැනටමත් ඔහුව රැකියාවෙන් නෙරපා හමාරය.
මේ සැකකරුවන් දෙදෙනාගේ අසරණ දෙම්ව්පියන් තමන්ගේ දරුවන්ට ඊයේ දිනයේ අනිවාර්යෙන්ම ඇප ලැබේ යැයි සිතා උසාවියට පැමිණ තිබුණද ගෙදර යන්නට වුයේ හිස් අතිනි.
මීට කලින් උසාවි දිනයේ නිතිඥ මහතුන් 10 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මේ සැකකරුවන් විසින් පෙනි සිටියද දැන් ඒ ගණන ඊයේ වන විට 3 දෙනෙකු දක්වා පහත වැටි තිබුණි.
මාධ්‍යවේදියෙකුට මහනගර සභා පරිශ්‍රයේදි සිදුකරන්න යෙදුන මෙම පහර දිම ඉතා සැලැසුම්ගත එකක් බවත් ඒ පිටුපස තවත් සැකකරුවන් සිටින බවත් ඒ අය හදුනාගැනිම සදහා පුළුල් සියම් සහ අපක්ෂපාත පරික්ෂණයක් පවත්වන්නට යැයි මීගමුව මහේස්ත්‍රාත් රුවිර වැලිවත්ත මහතාට ඊයේ දිනයේ පොලිසියට විශේෂයෙන්ම කියන්නට සිදුවිමේන් පෙනි යන්නේ යන්නේ අධිකරණය පහසුවෙන් නොමග යවා ඇත්ත සැකකරුවන් වසන්ගන්නට අධිකරණය තුල ඉඩක් නැති බවය.
මාධ්‍යවේදියෙකුට පහර දිමේ නඩුව ගැන මීගමුව මහෙස්ත්‍රාත් තුමා වඩාත් අවධානයෙන් සිටින බව ඉතා පැහැදිලිය.

මේ කටයුතු මේ අකාරයෙන් සිදුවෙද්දි මේ පහරදිම සැලසුම්කලේ යැයි මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේ විසින් සිය පැමිණිල්ලෙන් මෙන්ම මාධ්‍ය හරහාද චෝදනා එල්ල කර සිටි මීගමුව නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා පවුල් පිටින් පාප්තුමන් හමුවිම සදහා රෝමයට යාමට ඇති සුදානමක් ගැනද වාර්ථා වේ.
මේ ගමන බොහෝ දුරට ජුනි මස 25 වනදා යෙදෙනු ඇති බවට දැනට නිලනොවන වාර්ථා විසින් තහවුරු කොට තිබේ.
මේ ගමන සදහා දයාන් ලංසා හා කලක් ජන්මාන්තර වෛරක්කාරයාව  සිටි මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවීරද පවුල් පිටින් එක්විමට නියමිතය.
මේ අතර මේ දෙදෙනා අතර සමගිය ඇතිකරන්නට මුලික වු ලක්ෂ 1600 ක් වැය කරමින් ඉදිකරන්නට යන පුස්තකාල ගොඩනැගිල්ලට මුල් ගල  තැබිම 2016 ජුනි මස 23 වනදාට යෙදි ඇත.