අසරණ වු ජනතාවකට අගරදගුරු නිවසේ දොර වැසේ ??

0
97

ඕස්ට්‍රේලියාව බලා යාමට ගොස් අතර මගදි අත්අඩංගුවටවට පත්වුවන්ගේ ඥාතින් අද උදේ වරුවේ අගරදගුරු නිවසට ගොස් තිබුනේ කාර්දිනල් තුමන් හමුවි තමන්ගේ දුක කියන්නටය.දැනට මාස කිපයක සිට මේ සදහා සුදානම් වෙමින් සිටි ඔවුන්ට සිදුවුයේ සියළු බලාපොරොත්තු අතහැරගෙන හැඩු කදුලෙන් යළි නිවෙස් බලා ඒමටය.

දැනට සුළු වේලාවකට පෙර අපගේ මාධ්‍ය ආයතනයට දුරකථන ඇමතුම් කිපයක් ලැබුනි.

මහත්තයෝ අපේ දුකට කොහොමටවත් ඇහුම්කන් දුන්නේ නෑ.කතෝලිකයෝ හැටියට මේ වගේ නිතිවිරෝධි වැඩ කරන එක මුළු කතෝලික සභාවටම ලැජ්ජාවක්ලු. කාර්දිනල් තුමන්ව හම්බවෙන්න නම් කලින් දිනයක් ගන්න ඕනෙලු.මේ වගේ නිතිවිරෝධි වැඩවලට අහුවෙලා ඒවා ගැන කියන්න මීට පස්සේ ඒ පැත්ත පළාතේ එන්න එපා කිව්වා.

මට තව වැඩ තියෙනවා ඒ හින්ද දෙයියන්ගේ නාමෙට මෙතනින් යන්න මේන්  වැද්දා කිව්වා.

ඇගේ කථාව අවසන් කිරිමට නොලැබුණි ඇය  හඩන්නට වුවාය.

අපට ලැබුන තවත් දුරකථන අැමතුමක සදහන් වුයේ

බඩට කන්න  තියෙන සල්ලි වලින් මහත්තයෝ රු 200 ගානේ දාල බස් එකක් අරන් අපි 51 දෙනෙක් මේ ගමන ගියේ. මේ පොඩි උන්වත් අරන්ගියේ උනගේ දුක අපේ එඩේරාට කියන්න.මහත්තයල දන්නවනේ අපි එදා ඉදන් උත්සාහ කලේ අපේ අාගමේ නායක උත්තමයන්ගේ උදව්වෙන් අපේ අයව මේ නත්තලට කලින් බේරගන්න.

ඒත් කියන්න දුකයි අපිට ුඅඩු තරමේ මහත්තයල හිතහැෙදන්න කථා කරනවා වගේවත් වචනක් කිව්ව නම් කමක් නෑ. මේ දරුවන්ට මුකුත් අරන් දෙන්නවත් අපි ලග සල්ලි නෑ. දැන 3යි දැන් තමයි අපි උදේ ඉදන් තේ උගුරක් බිච්වේ මීගමුවට අැවිත් අපි ඉතින් ආයේ බස් එකක නැගල තොඩුවාවට යන්න ඕනේ.

කොළඹ අගරදගුරු නිවසේදි මේ අය මුණ ගැසි ඇත්තේ එම්මානුවෙල් නම් වු බිෂෝප්වරයාව බව පසුව දැනගන්නට ලැබුණි.

ඔවුන්ගේ සිත් පෑරි ඇත.මේ දුක රටට කියන්න ඔවුන් හෙට දිනයේ සාමකාමි උදගෝෂණයක් කිරිමට ද තින්දු කර ඇත.