අස්වැද්දීමට යැයි කියා වෙන්න්පපුවේ කුඹුරු යායක් බැකෝ දමා විනාශ කරයි – රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ ආධාරකරුවෙක් පෙරමුණේ

0
361

viber image 2019-03-13 , 23.04.14
(11.10 pm )දකුණු වෙන්නප්පුව වෙල්යාය පිහිටා ඇති භූමි භාගයේ අක්කර ගණනක් පුද්ගලයන් පිරිසක් විසින් පසුගිය ඉරිදා (10 ) බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් හාරා එහි තිබූ ගස් කොලන් කපා දමා  මහා පරිමාණයෙන් එළිකිරීමක් සිදුකර තිඛේ. එදින  රජයේ නිවාඩු දිනයක් බැවින් මේ සම්බන්ධයෙන් දැනුම්දීමට හෝ විමසීමට කිසිදු ආයතනයක් නොමැති බැවින් අවට ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු මේ ක්‍රියාවට විරෝධය  තිබුණි. බැකෝ  යන්ත්‍ර යොදා ගනිමින් කරන ලද මෙම  ගොඩකිරීමට හේතු ලෙස මෙයට සම්බන්ධ පුද්ගලයන් පවසා ඇත්තේ  රජය විසින් ලබාදෙන ගම්පෙරලිය ණය අධාර ලබාගෙන මෙම කුඹුරු අස්වැද්දීම සදහා සුද්ද කරන බවයි.  එනමුත් මෙම කුඹුරු වලට පුද්ගලික හිමිකරුවන් සිටින අතර ඒ ආසන්නයේ එක් කුඹුරු හිමියෙකු විසින් මෙම බැකෝ කිරීමට විරෝධය පළකර ඇත. ඒ විරෝධයෙන් පසු ඒ ඉඩමේ කිසිදු ගසකට හෝ බිමට හානි නොකර එම බිම් කොටස ඉතිරි කර තිඛේ. ඒ අතර මෙම කුඹුර එළිකිරීමට විරෝධය පළකරමින් ඒ ආසන්නයේ ම ජීවත්වන  පුද්ගලයෙකු විසින් මේ සම්බන්ධයෙන්   වෙන්නප්පුව පොලීසියට පැමිණිල්ලක්  ද කර තිඛේ. මෙම බැකෝ කිරීම කිසිදු රාජ්‍ය ආයතනයක් දැනුවත් කර සිදුකළ බවට කිසිදු තහවුරු වීමක් නොමැති  අතර  හදිසියේ මෙම කුඹුරු අස්වැද්දීමට ඇති උවමනාව පිටුපස යම් සැකයක් මතුකරයි.

වාර්තා වන පරිදි  එදින මෙම කුඹුරු වල වැවි තිබූ රූස්ස ගස් කපා දමා පොලවට මට්ටම් වී ඇති කොහුබත් ද ටිපර් වල පටවාගෙන ගොස් තිඛේ. ප්‍රදේශවාසීන් පවසන්නේ ප්‍රදේශයේ ගොවි සමිතිය කද නම ගාවා ගනිමින් මෙම කුඹුරු අස ්වැද්දීමේ මුවාවෙන් මේ සදහා ණය ආධාරයක් ගැනීමට පුද්ගලයන් පිරිසක් සැරසෙන බවයි. මේ සදහා දේශපාලන රැකවරණයක් ද මෙම පුද්ගලයන් හට තිඛෙන බවද ප්‍රදේශවාසීන් පවසති.
ඔවුන් පවසන්නේ අවට කුඹුරු හිමියන් සිටියදී ඔවුන්ව පූර්ව දැනුවත්  කිරීමක් සිදුනොකර මේ ආකාරයට බැකෝ යන්ත්‍ර යොදා ගනිමින්  කුඹුරු වල පරිසරය විනාශ කිරීමට  මෙම පුද්ගලයන් ට බලයක් ලැබුනේ කෙසේ ද යන්න ගැටළුවක් බවයි. ඒ නිසාම මෙම ක්‍රියාව පිටුපස දේශපාලන හස්තයක් තිබිය යුතු බවට ඔවුන් චෝදනා කරති.  මෙම ක්‍රීයාවට සම්බන්ධව සිටින ව්‍යාපාරිකයෙකු වන දිනේෂ් නමැත්තා නියෝජ්‍ය ආමාත්‍ය නිරෝෂන් පෙරේරාගේ ප්‍රබල ආධාරකරුවෙක් ලෙස ප්‍රකටය.viber image 2019-03-13 , 23.02.38 viber image 2019-03-13 , 23.02.13

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here