අසාමාන්‍ය බරකින් යුත් මුන්නක්කරයේ කාන්තාවක් මිය යයි

0
65

negombo-news ඉතා අසරණ තත්වයෙන් ජිවත් වු මීගමුව මුන්නකරයේ ප්‍රදේශයේ 37 හැවිරිදි එක් දරැ මවක් අද උදෑසන මිය ගොස් ඇත.අසාමාන්‍ය බරකින් යුත් මේම කාන්තාවගේ මෘත  දේහය  අවමංගල රථයට ඇතුළු කිරිම සදහා මහත් වෙහෙසක් ගන්නට ප්‍රදේශවාසින්ට සිදුව ඇති බවද වාර්ථා වේ.ඒ සියළු උත්සාහයන් අසාර්ථක වු තැන පිරිමින් දස දෙනෙක් පමණ එකතුවි ඇගේ දේහය අවමංගල රථයට ඇතුළු කර ඇත්තෙ කඹවල ආධාරයෙන් බවද සැලය.

මේ සම්බන්ධයෙන් අපට අදහස් දක්වා සිටි මුන්නක්කරයේ ශ්‍රිවිමුක්ති කාන්තා සංවිධානයේ කුමාරි ප්‍රනාන්දු මහත්්මිය පවසා සිටියේ මිය ගිය කාන්තාව කලක සිට රෝගි තත්වයෙන් පෙළුන අතර මීට සති දෙකකට පමණ ඉහතදි ඇය බරපතල ලෙස රෝගාතුර වු අවස්ථාවේ ඇයට රෝහලට යාමට අැඳගෙන යාමට තරම්වත් ඇදුම්ක් නොතිබුණ බවය.

අැෙග් සිරැරේ් අසාමාන්‍ය විශාලත්වය නිසා  අසල්වැසි නිවසකින් පවා ඇදුමක් සපයා දිමට නොහැකි වි ඇත.පසුව  ඒකාන්තාවක් රෙදියාර 5 ගෙනවිත් විශාල අැදුමක් මසා දි ඇය ට රෝහලට යන්නට කටයුතු සලසා දි තිබුණි.

අපට අදහස් දක්වා සිටි එක් රෝහල් සේවකයෙක් පවසා සිටියේ ඇය කිලෝ 700 කටත් වඩා බරකින් යුතු බව අයෙක් බව වාර්තා වු බවය.