අහිංසක කුඩා මල් කැකුළට සොයුරු සොයුරියනි ඔබේ දෑත් දිගු කරන්න….

0
272

259උපතින්ම දෙපා අහිමි වම් අතද අහිමි දකුණු අතේ එක් ඇඟිල්ලකට පමණක් හිමිකම් කියන මේ අහිංසක කුඩා මල් කැකුළට සොයුරු සොයුරියනි ඔබේ දෑත් දිගු කරන්න .
බස්නාහිර පළාතේ අරුක්ගොඩ – දංඕවිට 45/1/ දරණ ලිපිනයේ පදිංචි ජී.ආර් සුසන්ත කුමාර සහ ආර්.එච් චාන්දනී හෙට්ටිආරච්චි යන අයගේ දියණිය වන ජි.ආර් කෞශල්‍ය හිරුෂානි නැමැති වයස අවු:11ක් වන මෙම දියණිය උපතින්ම දෙපා අහිමි වම් අතද අහිමි දකුණු අතේ එක් ඇඟිල්ලකට පමණක් හිමිකම් කියයි.
ඇය බප/මිනු/මඩබාවිට කනිෂ්ඨ විද්‍යලයේ 6වන වසරේ ඉගෙනුම ලබයි .ඉගෙනිමට ඇය ආසා නමුත් දෙමාපියන් ආර්ථික අපහසුතා වලින් හා රෝගී තත්වයෙන් පසුවේ. මව අපස්මාර රෝගයෙන්පීඩා විදී. පියා වඩු කාර්මිකයෙක් වුවත් ඔහුත් දැනට වසර 2ක පමණ කාලයක සිට රෝගී තත්වයෙන් පෙලෙයි.
ඉගෙනීමට ආස මේ සුන්දර දුවගේ අනාගතය වෙනුවෙන් ඔබට හැකි අයුරින් උපකාර කරන්න.
දුවගේ නමින් සෙලාන් බැංකුවේ ගිණුමක් විවෘත කර ඇත ..
ගිණුම් අංකය :- 0780-01567839-115 මිරීගම සෙලාන් බැංකුව ( ටිකිරි ගිණුම )

පහත විඩියෝවෙන් එම දියණියගේ සත්‍ය කතාව බලන්න
http://youtu.be/EoYOFH3Dnh4
2621
පසුගිය 08-02-2013 වන දින ඇය ඉගෙනුම ලබන විදුහලට ගොස් රෝද පුටුවක් සහ මුදලින් අධාරයක් වෙන්නප්පුව – බණ්ඩිරිප්පුව අනාරක්ෂිත දුම් රිය මාර්ගයෙදී දුම් රිය කැබ් රිය හා ගැටී මෙලොවින් සමුගත් සුජීව ප්‍රනාන්දු සහ ඔහුගේ පුත් සිතුර සංජීව ප්‍රනාන්දු යන  පිය-පුතූ සිහිකර සුජීවගේ මව විසින් එම දෙපා අාබාධිත දියණියට පිරිනැමුණු ලැබිණි
එම අවස්ථාවට එම දුවගේ මව සහ ඇය ඉගෙනුම ලබන විදුහලේ ගුරු මණ්ඩලයද සහභාගී විය.258

cleardotචමින්ද ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here