අහිංසක ජනතාව ගොනාට ඇන්දු බිච් පාක් එකේ මහා වංචාවක් හෙළිවේ ?

0
87

beach-prk-1කිසිවෙක් නොදන්නා ධර්මේන්ද්‍ර නැමැති අයෙකුගේ  නම යොදා ඇමති ලංසාගේ පියාගේ විසින් දැනට වසර 13 ක් තිස්සේ පවත්වාගෙන යන වෙරළ උද්‍යානයේ වසර ගණනාවක සිට සිදුව ඇති මහා වංචාවක් හෙළිව තිබේ.
මීගමුව මහනගර සභාව විසින් එහි වැසිකිලි පද්ධතිය හා රථගාල පමණක් මේසේ ටෙන්ඩර් පටිපාටිය  යටතේ වසර 13 ක්ම ඇමති ලංසාගේ පියාගේ භුක්තියට යටත්කොට තිබේ.
ඒ අයිතිය නිසාවෙන් වෙරළේ ඉතිරි කොටසේ ඇති උද්‍යානය එහෙම පිටින්ම මහා කොල්ලයක් වි ඇත්තේ ඇමති පියා විසින් වැඩියෙන්ම කප්පම් ගනු ලබන්නේ උූද්‍යානයේ මේ කොටසින් විම හේතුකොටගෙනයි.වෙරළ උද්‍යානයේ වැසිකිලි පද්ධතියට හා රථගාලට ලබාදි ඇති ටෙන්ඩරය ඇමති පියා විසින් භාවිතා කරන්නේ ඔහුට මුළු වෙරළම ලියා ඇති අයුරිනි..
අද අප විසින් හෙළිකරන්නට යන්නේ මීගමුව මහනගර සභාවේ කුජිත නිළධාරින් නිසා වසර ගණනාවක් තිස්සේ මීගමුවේ සහ අවට ජනයා හට සිදුව ඇති බරපතල ආසාධාරණයක් පිළිබදවය.
නගර සභාව විසින් අදාල ටෙන්ඩර්කරු හට දි ඇති කොන්දේසි මාලාවට අනුව රථ ගාලට අදාලව අය කළ යුතු මුදලට වඩා දෙගුණයක් වසර ගණනාවක් තිස්සේ අය කර ඇති බව හෙළිව ඇත්තේ මෙවර අවසන් මහනගර සභා රැස්විමේදි ඉදිරිපත්ව තිබු මුදල් කාරක සභා වාර්ථාව අධ්‍යයනය කරන බලන විටය.
ගිවිසුම් කොන්දේසි වලට අනුව මෝටර් රථයකින් අයකළ යුතු ප්‍රවේශපත් මුදල රු 24 කි.එහෙත් වෙරළ උද්‍යානයට ප්‍රවේශවිමේදි දැනට වසර කිහිපයක සිට අයකරනු ලබන මුදල වන්නේ රු 50 කි.
මෙය එහෙම පිටින්ම ටෙන්ඩර් කොන්දේසි කඩකිරිමකි.ටෙන්ඩර් කොන්දේසිව වලට අදාල මුදල වැඩිකරදෙන ලෙසින් මේ ටෙන්ඩර්කරු විසින් මෙවර මහනගර සභාවට ලිපියක්ද ඉදිරිපත් කර ඇත.
එහෙත් කණගාටුව කරුණ වන්නේ මීගමුව මහනගර සභාවේ අදාල අංශ භාර කිසිදු නිළධාරියෙකු හෝ අවම වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් හෝ මේ ප්‍රශ්ණය පිළිබදව කිසිදු අවධානයක් යොමු නොකර තිබිමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here