අහිංසක මනාප තරඟය සහ මිගමුවේ මාලිමා අපේක්ෂකයෝ !

0
49

මේ පහත තියෙන සටහන අපේ වට්ස් ඇප් පිටුවට කව්රු හරි එවල තිබුන එකක් .
හැබැයි එකේ මතුකරල තියෙන හැම කරුණක්ම ඉතාමත් වැදගත් .

ලංසවත් ලොවෙත් නැතිවෙන්නම පරද්දපු හෙන්රිල අරුණලට මනාප මදිවෙලා.
අපි දන්නව මේ අය මාලිමා අචාරධර්ම තිතට රකිමින් ආසනෙන්ම විතරයි මනාප හෙව්වේ .ඡන්දෙ දාන්න විජයරත්නම් පාසැලට ආපු වෛද්‍ය හෙන්රි මාධ්‍ය හමුවේ කිව්වේ එයා මහන්සිවුනේ මාලිමාව දිනවිම ගැන මිසක් තමන්ගේ මනාප ගැන රැස්විම් කියල කැම්පෙන් කරන්න නෙමේ කියල .

එයාල  රූල්ස් වලට ප්ලේ කරාට සමහර අපෙක්ෂකයේ එහෙම නැ කියල අපි හොදටම දැක්කා. වෙන ආසන වලත් අංක එක පොස්ටර් අලවල තිබුණ විතරක් නෙමේ මේ ඇතැම් අපෙක්ෂකයන්ගේ මනාප අංකෙ තියෙන කාඩ් එහෙමත් වටේම බෙද්ද.

ඒ කියන්නේ සමහර  අය අහිංසකම නෑ කියන එක.  ඒ හින්ද ඇත්තටම දේශපාලනය රූල්ස් ඇතුලේ ඉදන්  ප්ලේ කරමින් ආචාරධාර්මික රැක්ක  ඇතැම් අපෙක්ෂකයන්ට පට්ට අවාසියක් වෙලා තිබුණ.

දැන් ෆෙස්බුක් පිටුවල වෙනත් දිස්ත්‍රික්ක වලින් පාර්ලිමේන්තු යා යුතුම බරපතල කැපකිරිම් කරපු අය හැලිල තිබුන කියල විවිධ සටහන් පලවෙමින් තියෙනවා

. ඒ දිස්ත්‍රික්ක වල සමහර අයත් අහිංසකම නැතිව ඇති.

ඒක තමයි කෙළිය…

🚫 ජනදිපතිවරණයේදි මීගමුව චන්ද 45,206 -(54.92%)
🚫 මහ මැතිවරණයේදී චන්ද 7000 ක් වැඩිවී…52,237-(74.53%)
🚫 ලංකාවෙන්ම 76%75%74% ප්‍රතිශත වැඩිම ආසන වලට මීගමුව ඇතුලත්‍ ය..
🚫 මීගමුවේ මාලිමාවට දුන් චන්දවලින් 93% ක් හෙන්‍ රි සහෝදරයා ලබා ගෙන ඇත
🚫 අරුණ සහෝදරයා මාලිමාවට දුන් චන්ද වලින් 62% ක් ලබා ගෙන ඇත…
🚫 93% ක් යනු යා හැකි උපරිමයය..ඒ සදහා සියලු කොට්ට්ශ වල ක්‍රියාකාරිකයන් ගේ හා සියලු දෙනාගේ කැපවීමය..
🚫 මීගමුව ආසනයෙ චන්ද අඩු නිසා මෙහෙන් කෙනක් යාමට අප අනිවාර්ය ලෙස අනිත් ආසන වල හා දිස්ත්‍රිකය පුරා ප්‍රචාරණ සිදුවිය යුතුය…නමුත්
හෙන්රි සොයුරා හො අරුණ සොයුරා කිසිදු ආසනයක් ඉඩක විවර කොට නොතිබිණි..
🚫 අප එකට කියා ස්ලොගන් තිබුනට සියලු අපේක්ශකය් විවිද පරිමාණයෙන් මනාප තරගයක සිටියහ…එය අවුලක් නොව ස්වභාවය එයයි….
🚫 න්‍යායික කරුණු බොහෝ කිව හැක..කප්පරක් තර්ක තිබිය හැක..නමුත් අවසානයේ ආසනයත් දිනා…ලාන්සාත් පැරදී මීගමුවෙන් කෙනෙක් පාර්ලිමේන්තුවට නොයාම..අවුලකි…..(අදහසක් පමණි)