අහෝ ගාසා තීරය !

0
252

මාස හයක් එක දිගට
නොකඩවා වස්සන බෝම්බ වැස්ස
මරා දනවා කිරි දරු පැටවුන්ව
ලේ පිපාසිත මිනිමරුවන්ට
සංසිදී නැත පිපාසය තවම
දුවනවා පොඩි පැටව් දස අතම
අයදිමින් උන්ගේ ජීවිතය
කුමක්දැයි ඔවුන් කළ වරද
ඉල්ලපු එකද දෙවියන් දුන් ජීවිතය?

සංසිදී නැත තවමත්
ලේ පිපාසය මිනිමරුවන්ට
සාකච්ඡා ඇත හැමදාම
ලොකු ලොක්කෝ ඉද ගෙන සැප පුටු උඩ
වචනයක් නොකියයි විරුද්ධව
ලේ පිපාසිත මිනි මැරුවන්ට
අමතක වෙලාද අපට
නිරපරාදේ මියයන පොඩි දරුවන්ව.
අහෝ ගාසා තීරය
අමතක කර නැත මම ඔබව.

ඔක්තෝම්බර් 07 දින ආරම්භ කළ ගසා තීරයේ මහා මිනිස් සංහාරය තවමත් ඒ විදියහටම සිදුවේ.

අරුණ ශාන්ත නෝනිස්
අශානෝ
2024.03.27