අළුත් අවුරුද්දට සාමය වෙනුවෙන් වැඩ ඇල්ලිම

0
1048

peace NGB 1peace NGB 2පෙරියමුල්ලේ පාතිමා පාරේ ඊයේ ( 01) උදේ අපුරු වැඩසටහනක් තිබුණා. සංහිදියාව සාමය මුල් කරගත් මේ වැඩසටහනට කිතුණු මුස්ලිම් ආගමික නායකයෝ එහෙමත් ඇවිත් උන්නා. විවිධ ආගම් නියෝජනය කරන අයත් මෙතනට එකතු වෙලා තිබුනා.

අළුත් අවුරුද්ද වෙනුවෙන් විවිධ කැවිලි ජාතිවලින් පිරුන කෑම මේසෙත් අගෙයි. එකතැනක හදපු කෑම එකටම අමතරව මේ වැඩසටහනට ආපු අයත් තමන්ට හැකි පමණින් විවිධ කැවිලි වර්ග අරන් ආවා.

මේ වැඩේ සංවිධානය කරන්න මුල් වෙලා තිබුනේ පාතිමා පාරේ ජුඩ් මහතා. එයා පරණ නව සම සමාජ කාරයෙක් . එ කාලේ ඉදන්ම ජාතින් අතර සමගිය ගැන ඇගට කැවිච්ච ප්‍රතිපත්ති වල හයිය තමයි අදටත් මේ පෙන්නේ .

සතිපතා හෝටල් වල සාම වැඩමුළු වල රවුම් ගමන කියෙන් කිදෙනෙක්ට මේ ජාතින්ගේ අයිතිය , කල්පවතින සාමයක් ගැන හැගිමක්වත් තියෙනවද කියල හිතෙනව.
මේ වැඩමුළු සාම කථා කාරයන්ගේ වැඩ බලන්න පුලුවන් ජාතික ප්‍රශ්ණයට දේශපාලන විසදුමක් ගේන්න යනකොට ජාතිවාදි පාරට බැස්සම තමයි .ඉතින් ජාතිවාදින්ට එරෙහි මේ වැඩමුලුවලට ගිහින් සාමය සංහිදියාව ගැන ඉගෙන ගත්තු කිදෙනෙක් පෙරට එයිද බලමුකෝ .

peace NGB 3peace NGB 4peace NGB 5peace NGB 9

ඒ විතරක් නෙමේ දකුණේ සිංහල වාමාංශිකයෝ වැඩි දෙනෙකුටත් තාමත් ලොකු සිංහලයට එරෙහිව මර්ධනයයි පිඩනයයි විතරයි. දමිළයන්ට මුසල්මානුවන්ට එරෙහි මර්ධනය පිඩනය මේ දකුණේ බහුතරයක් සිංහල වාමාංශිකයන්ට ඇත්තටම නෑ.එයාලට  ඒක දැනෙන්නේ . තමන්ගේ එකාට එරෙහි

peace NGB 8

පිඩනය තමයි මෙයාලට ලොකු .

මේ දවස්වල එයාලාගේ ෆේස් බුක් අස්සට රිංගපුවමත් ඒක හොදට පේනවා. සියලු ජාතින්ට යුක්තිය සාමය කියන එක ජිවන ප්‍රතිපත්තියක් කර ගත්තේ නැති අයට ඒක තවත් හෝටල් වැඩමුළු මාතෘකාවක් විතරයි.
ඒක තමයි ඇත්ත. ජනමාධ්‍යකරන බොහෝ අයටත් සියලු ජාතින්ට යුක්තිය කියන එක නිව්ස් එකක් විතරයි .
වාමාංශිකයෝ බහුතරයකටත්  එහෙමයි එක සටන් පාඨයක් විතරයි .ඒක එයාලගෙ ජිවන ප්‍රතිපත්තියක් නෙමේ .

ඉතින් මේ වගේ පසුබිමක තමයි ඊයේ මිගමුවේ පෙරියමුල්ලේ පාතිමා පාරේ සාමය වෙනුවෙන් වැඩ ඇල්ලුවේ ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here