අළුත් අවුරුදු සමයේදී සිදුවූ රිය අනතුරු වලින් 75% ක යතුරුපැදි සහ ත්‍රිරෝද රථ ..???

0
341

අළුත් අවුරුදු සමයේදී සිදුවූ රිය අනතුරු වලින් 75% කට ආසන්න ප්‍රමාණයක් යතුරුපැදි හා ත්‍රිරෝද රථ නිසා සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රොහානා මහතා පැවසීය.

අප්‍රේල් 18 සිට පැය 18 ක තුල සිදුකරන්නට යෙදු නිරීක්ෂණ මෙහෙයුමකින් පසුව මෙම තොරතුරු ලැබී ඇති බව ඔහු පැවසීය.

මේ අතර, පැය 18 ක කාලය තුළ මත්පැන් පානය කර රිය පැදවූ රියදුරන් 905 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රියදුරන් හා යතුරුපැදි කරුවන් සම්බන්ධ මාර්ග නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් නඩු 6,898 ක් අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රොහණ පවසා තිබේ.