අැගළුම් ක්ෂේත්‍රය මත යැපීම තවදුරටත් සුදුසු නැහැ – අග්‍රාමාත්‍යතුමා

0
44
ශ්‍රී ලංකාවට තවදුරටත් ඇගළුම් කර්මාන්තය මත යැපීමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත. ඒ වෙනුවට ජංගම දුරකතන උපාංග,රොබෝ උපකරන වැනි ඉලෙක්ට්‍රොනික උපාංග නිපදවීම සදහා රටක් වශයෙන් අප යොමු විය යුතු බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.
රජයේ ඉල්ලීමක් පරිදි හාවර්ඩ් විශ්ව විද්‍යාලය ශ්‍රීලංකාවේ ආර්ථික සම්බන්දයෙන් සමීක්ෂණයක් කර ඇති අතර එහිදී හෙලි වී ඇත්තේ ඇගළුම් නිශ්පාදන අපනයනය කිරීම මත පමණක් යැපීම ශ්‍රීලංකාව විසින් නතර කල යුතු බවයි. බංගලාදේශය වැනි අඩු වැටුප් තලයක් ඇති රටවල් සමග ඇගළුම් ක්ෂේත්‍රයේදී තරග කිරීම ඉදිරියේදී අපහසු වන බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. ඒ හේතුවෙන් ඉලෙක්ට්‍රොනික උපාංග වැනි නව අපනයන අංගයන් වලට ශ්‍රීලංකාව යොමු විය යුතු  බවයි අග්‍රාමාත්‍යවරයාගේ අදහස වන්නේ.
ඉලෙක්ට්‍රොනික උපාංග මෙන්ම නවීන තාක්ෂණයෙන් යුතු උපාංග නිෂ්පාදනය කිරීම හා ඒවා අපනයනය කිරීම සදහාත් ඉදිරියේදී ඉහල ඉල්ලුමක් පවතින බවත් එතුමා ප්‍රකාශ කර තිබෙනවා.
Ranil