ආගමික නිදහසට බාධා කළ පියතුමෙකු ඇප මත නිදහස් කෙරේ ..

0
56

දැනට වසරකට පමණ පෙර කොච්චිකඩේ පල්ලන්සේන ප්‍රදේශයේ කතෝලික පියතුමෙකු විසින්  යෙහෝවා සාක්ෂිකරුවන්ගේ සංවිධානයේ සාමාජිකයෙකුගේ ආගමික කටයුතු වලට සිදුකළ බාධාකාරීම් හා තර්ජනය හේතුකොටගෙන  එම සංවිධානයේ නීති අංශය විසින්  මෙම සිදුවීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයකට  එළඹෙන ලදී. මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු වාර කීපයකට පියතුමා සහභාගී වීමෙන් වැලකී සිටි අතර මෙහි ප්‍රතිපළයක් ලෙස මෙම සිදුවීමට මුලපිරූ පියතුමාට අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කරනු  ලදී.
2017 දෙසැම්බර් 05 වනදා අධිකරණය හමුවේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර ඇති පියතුමා  තමන්ට පෙර පැවති සමථ මණ්ඩල වාර වලදී  නිවරදි ලෙස අදහස් ප්‍රකාශ කිරීමට නොලැබුණ බැවින් නැවතත්  මෙම සිදුවීම සම්බන්ධයෙන් සමථ මණ්ඩල රැස්වීම් වාරයක අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිඛේ.  මෙහිදී මෙම ඉල්ලීමට අධිකරණය විසින් එකඟවී ඇති අතර සමථ මණ්ඩලයේ යෝජනා පිළිබද වාර්තාවක් නැවතත් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ලබාදෙන ලෙස නියෝග කරමින්  චූදිත පියතුමාව ඇප මත නිදහස් කර ඇති බව වාර්තා වේ.religous freedom