ආගමික සමගියට එරෙහිවන්නන්ට මීපුර පුවත් පතේ ප්‍රතිචාරය

0
73

මීපුර පුවත් පත විසින් අපගේ 2012 ජුනි ජුලි… කලාපයේ කතුවැකිය වෙන් කරතිබුනේ මීගමුව දේදුනු නගරයක් යන අදහස මතු කරලන්නටත් එයට එරෙහිව පසුගිය කාලය තුල මීගමුව තුල මතුව ආ ,නුතන සමාජය සැකැස්මකට තරම නොවන ඇතැම් ප්‍රවණාවන්හි ඇති විනාශකාරි බව තුල මීගමුවේ බුද්ධිමත් ජනයා අතර සංවාදයක් ගොඩනගන්නටත්ය.

අපගේ මෙම ලිපියට එරෙහිව කතෝලික සාසනාරක්ෂක බලමණ්ඩය යැයි සදහන් කණ්ඩායම් විසින් කෑලෑ පත්තරයක් බදු වු ලියවිල්ලක් පසුගිය දිනක මීගමුව තුල බෙදා හැර තිබුණි. ( පත්‍රිකාවක් බෙදා හරින්නේ නම් එහි මුද්‍රණකරු සහ එය මුද්‍රණකරන්නාගේ නම සහ ලිපිනය සදහන් කළ යුතුය.එහෙත් මෙහි කිසිවක් නැත.)

එහෙත් මේ කැලෑපත්තර කරු ගැන අප දැන් ඉවෙන් මෙන් දැනගෙන ඇත්තෙමු.ඉඩකඩම් මනින ආකාරයෙන් ආගම් සහ ජාතින් කටුකම්බි ගසා වෙන්කරන්නට වෙර දරා ඇති මේ ලියවිල්ල යනු තමන් දන්නා දේවල් කියන්නට ගොස් මහඑකාගේ කැලෑ නිතිය පමණක් රජකරවිය යුතුය යන විනාශකාරි අදහස යළිත් සමාජගත කරන්නට තරම් වු අමනකමක තරම ලොවටම කියා පෑමක් වි ඇත.

මෙවන් මැට්ටන්ගේ උපදේශකත්වය ලබන සියල්ලන්ට අප ට කියන්නට  ඇත්තේ වපුරන හැටියට කපාගන්නට ලැස්ති වෙන්නට කියාය.

අපි දැන් ආදාල කරුණට පිවිසෙමු.

මිපුර පත්තරය සම්බන්ධ අය පිටගං කාරයන් බව මේ කැලෑපත්තරකරු කියයි.එ අයගෙන් මිගමුව බේරාගතයුතු බවද කියයි.

අපට  ආඩම්බරයෙන් කියන්නට එක් කරැණක් ඇත.එනම් පසුගිය වසර 10 පුරා මීගමුව තුල සිදුවු සියළු අකටයුතු කම් වලදි නොබියව සමාජයට එය හඩ ගා කිමේ බරපතල වගකිම පුවත්පතක් ලෙසින් අප කිසිවිටකත් අත් නොහල බවය.

ඒ කාලය පුරාවට මීගමුවේ ස්වජාතික වැසියන් මේ අරභයා සිදු කලේ මොනවාදැයි අපි ප්‍රශ්ණ කරමු.ඒ අරුතෙන් ගත් කළ මීගමුවේ පුරවැසියන් සිටියේද යන්න අපට ප්‍රශ්ණයකි.වෙනත් නගර හා සැසැදිමේදි මීගමුවේ සිටින බහුතරයක් කදවල්  සහ බඩවල් සහිත මිනිසුන් මිස  පුරවැසියන් නොවේ. පුරවැසියන් යනු සිය අයිතිය ගැන සවිඥානකවුවන් බැවිනි.

හිටපු නගරාධිපතිගේ වරයෙකු ගේ මරණ තර්ජන හමුවේවත් මීගමුවේ මෑත ඉතිහාසයේ ඇමැතිවරැන්ගේ ප්‍රසිද්ධ සහ අප්‍රසිද්ධ තර්ජන හමුවේත් අප කිසිවිටකත් ආ පස්සට ගියේ නැත.

මීගමුවේ කඩොලාන රැක ගැනිමේ සිට මීගමුව රෝහලේ  මෙන්ම මහනගර සභාවේ අක්‍රමිකතා ගැනද අප නිතර අපේ හඩ අවදි කළෙමු.

මේ ගැන ඉතාමත් හොදින් දන්නා මීගමුව කතෝලික සාසරනාරක්ෂක බලමණ්ඩලය යැයි කියන සංවිධානයේ ප්‍රධානියෙක් වු ද අපගේ පුවත්පතේ මෙන්ම වෙබ් අඩවියේද උද්යෝගිමත් පාඨකයෙක් වු එම්මානුවෙල් පියුම්වර්ධන මහතා පසුගිය දිනක අප අමතා කථා කරමින් කියා සිටියේ තම අසල්වැසියෙක්ව බල්ලෙක් සපා කා මීගමුව රෝහලට ගිය අවස්ථාවේ එකි තුවාලකරුට ලබාදිය යුතුව තිබුන එන්නත් එහි නොතිබු හෙයින් විශාල මුදලක් වැය කරමින් එය පිටින් ලබාගන්නට සිදුවු තත්වයක් තුල මීගමුව රෝහලේ තත්වය සම්බන්ධයෙන් මිපුර පුවත් පත මැදිහත් වි එවන් අසරණ රෝගින් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන ලෙසය.අප ඒ වගකිම එදා මෙන්ම අදත් හෙටත් ක්‍රියාවට නගන අතර එහි ප්‍රතිලාභය මිගමුවේ ජනතාවටත් ඉන් පිට ප්‍රදේශවල අයටත් ලැබෙනු ඇත.

එබැවින් මීපුර පුවත්පතට සම්බන්ධ අතැමෙක් මීගමුව යන භූගෝලිය බිම් සලකුණේදි වෙනත්  ප්‍රදේශවලින් පැමිණි අය වුවද  කතෝලික සභාවේ දේව රාජ්‍ය සංකල්පය තුල එහි සක්‍රියම පුරවැසියෝ වෙමු.එහිදි අප සිටින්නේ මීගමුවේ ඇතැම් ගරු කතෝලික පියතුමන්ලාටත් ගව් ගානක් ඉදිරියෙන් බව වෘත්තියෙන් මිනින්දෝරැවෙකු වු පියුම් වර්ධන මහතාද හොදින්ම දනි.ඒ තරමටම අපි පුරවැසියන් ලෙසත් සැබෑ කිතුනුවන් ලෙසත් කටයුතු කරගෙන යමින් සිටින බැවිනි.

ප්‍රතිමාවල් යනු එකි ආගම් හා බැදුන සංස්කෘතිමක හා ආගමික දෙයක්  හෙයින් අප ඒ ගැන කිසිවක් තර්ක කරන්නට යන්නේ නැත.ඉස්සේල්ලාම ප්‍රතිමා තිබ්බේ කිතුවන්ද බොදුවන්ද යන්නත් අපට කිසිදු වැදගත් කමක් ඇති සංවාදයක් නොවේ.අප ඉතා පැහැදිලි ලෙසින් මතු කර තිබුනේ සහ ඉදිරියටත් මතු කරන්නේ මීගමුවේ මහනගර සභා භුමිය සර්ව ආගමික සංකිර්ණයක් පමණක් බවට පත් කරන්නේද නැද්ද නැතිනම් එය නගර සබා භුමියක් සේ සලකා කටයුතු කරගෙන යන්නේද යන කරුණ පමණි.

එබැවින් එය ප්‍රතිමා ප්‍රදර්ශන භූමියක් ලෙසින් සකසා ගන්නට වලිකන සැමගේ  සිහි තබාගත යුතු කරුණ වන්නේ අප මීගමුවේ බුද්ධිමත් ජනයා හමුවේ මතු කර සිටියේ කුමක්ද යන සම්පුර්ණ අර්ථයෙන් තේරුම්කරගැනිමට මහන්සි වෙන ලෙසය.