ආගමික සහජීවනය වෙනුවෙන් ප්‍රා.ලේකම්, ප්‍රගතශීලී වැඩකට මුලපුරයි

0
395

ඊයේ අගෝස්තු  03 වනදා මීගමුව ප්‍රාදේශී්ය ලේකම් කාර්යාලය  විසින්  ආගමික සහජීවනය පදනම් කරගනිමින්  සර්ව ආගමික නායකයින්ද සමගින් විශේෂ ආගමික වැඩසටහනක් සංවිධානය කර තිබුණි.

DSC02949

මෙම අවස්ථාවට මීගමුව ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුලු මීගමුවේ සියලූම ආගමික නායකන් වන අනුනායක ගරු පැට්‍රික් ප්‍රනාන්දු පියතුමා, කොන්දගම්මුල්ලේ ඥානසරි ස්වාමීන්වහන්සේ, වැල්ලවීදිය හින්දු කෝවිලේ , කෝනේෂ්වර් කුරුක්කල්තුමා,  ජුම්මා මුස්ලිම් දේවස්තානයේ නායක අනීෆා මවුලවිතුමා, මවුලවී අහමද්දීන්තුමා, මෙන්ම පළාත් සභා මන්ත්‍රී සාෆි රහීම්,මීගමුව නා.මන්ත්‍රී එම්.ඊසාන්, ව්‍යාපාරික මහතුන් ද සහභාගී වී සිටියහ. ආගමික නායකයින්ගේ විශේෂ දේශන හා අදහස් දැක්වීම් වලින් පසුව මුස්ලිම් බැතිමතුනගේ නෝම්බි හැරිමේ චාරිත්‍රය ටද විශේෂ කාලයක් වෙන්කරමින් ඒ වෙනුවෙන් සියලූම දෙනා සහභාගී වූහ. මෙම වැඩසටහන  මීගමුව ‘පැරඩයිස්’ පැලස් හිදී  පැවැත්වූ අතර මේ සදහා ව්‍යාපාරික හිමියන් කිහිපදෙනෙකුගේ දායකත්වයද ලබාදී තිබුණි.




ඡායා -එම්.ඉෂෙඩ් සාජහාන්