ආගම ඡන්දය වෙනුවෙන් විකුණන් කෑමක්ද?

0
70

මම නම් මේ දේශපාලනය කරන්නේ හෝ පිළිගන්නේ නැහැ. තමන් විශ්ගවාස කරන ආගමක නායකයන්ගේ ආශීර්වාදය ලබා ගැනීමත්, අනෙකුත් ආගමික නායකයන් ගෞරවය දැක්වීමත් ඉතාම වටිනා ක්‍රියාවක්. නමුත් ඒ ක්‍රියාව තම මැතිවරණ දේශපාලන ප්‍රවර්ධනයට භාචිතා කිරීම, පැහැදිලිවම ආගම ජන්දය වෙනුවෙන් විකුණන් කෑමක්.

පැවිදි නායකයින් දේශපාලඥයින් ප්‍රවර්ධනය නොකර සිටින්නේ නම් ඒ ඒ ආගම වල භක්තිකයන්ටත් එය සැනසිල්ලක්. පැහැදිලිවම මේ කරන්නේ තම දේශපාලනය ප්‍රවර්ධනය සඳහා කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් යොදා ගැනීම කියන ඒක පැහැදිලි. ජනතාව දිගින් දිගටම මජර දේශපාලඥයින්ට රැවටෙන්න ඒක හේතුවක් දේව පණිවිඩයට වගකියන පැවිදි නායකයින් තම වචනය විශ්වාස කරන ජනතාව මෙසේ දැන හෝ නොදැන මුලා කිරීමට කටයුතු කිරීමයි.

දේශපාලඥයින්ට බැරි නම් මේ සංස්කෘතියට තිත තියන්න කටයුතු කිරීම මේ ආගමික නායකයින්ගේ පරම යුතුකමයි.

ඕෂල හේරත්